මහ මන්මුනේ පාලම ජනපති අතින් ජනතා අයිතියට

මහ මන්මුනේ පාලම ජනපති අතින් ජනතා අයිතියට

මන්මුනේ කාතන්කුඩි වෙරළ ආසන්නයේ ඉදිකර ඇති මහ මන්මුනේ පාලම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් හෙට (19) ජනතා අයිතියට පත් කෙරේ.

මීටර් 210ක දිගකින් සහ මීටර් 9.8 ක පළලකින් යුත් මෙම පාලමට සමාන්තරව පදිකයන්ට යා හැකි අන්දමේ මීටර් 488ක දිගකින් සහ මීටර් 10ක සපත්තු පාලමක් ද ඉදි කර ඇත.මන්මුනෙයි පාලම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1870ක් වැය කර ඇති අතර ජපාන ජාත්‍යන්තර සහයෝගිතා පදනම සහ ශ්‍රී ලංකා රජය ඒ සඳහා ප්‍රතිපාදන සපයා ඇත.

කොළඹ - රත්නපුර - වැල්ලවාය - පොතුවිල් හරහා මඩකලපුවට එන ඒ 4 මාර්ගයේ පිහිටා තිබෙන මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු 2012 වසරේ ආරම්භ කෙරුණු අතර නියමිත දිනට පෙර ඉදිකිරීම් නිමා කිරීමට හැකි වී තිබීම සුවිශේෂී කරුණකි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා