මහ සිකුරාදා අද

මහ සිකුරාදා අද

කිතුනු ජනතාවගේ අධ්‍යාත්මික නායකයාණන් වූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ ඇණ ගැසූ මහ සිකුරාදා දිනය අදට (18) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් අද පස්වරු 3ට සියලුම කිතුනු දේවස්ථානවල

පැය 3ක දේව මෙහෙයක් පැවැත්වේ. ක්‍රිස්තුස් වහන්සේ ඊශ්‍රායලයේ කපාල කන්දේදී මීට වසර 1984කට පෙර ඇණ ගසා තැබුවේ එදා පැවැති සමාජ වාතාවරණය හා නායක පූජකයින්ගේ වැරැදි ක්‍රියාවලට ප්‍රසිද්ධියේ විරෝධය පළ කිරීම නිසාවෙනි.

අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය ලබන ඉරිදාට යෙදෙන පාස්කු ඉරිදා (20 දා) දිනයෙන් නිමාවට පත් වේ. මේ චතාරික සමයේ කිතුනුවෝ එක්වරු ශීලය රකින අතර පාද නමස්කාරයේ යෙදෙමින් එදා ක්‍රිස්තුස් වහන්සේ විඳි දුක් වේදනා අනුස්මරණය කරති. ශ්‍රී ලංකාවේ ඇති කල්වාරි මධ්‍යස්ථාන වූ මග්ගොන, හිනිදුම, හොරණ, අම්පාර, සඳලංකාව යන සිද්ධස්ථානවල නිම කර ඇති ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතයේ විශේෂිත වූ ස්ථාන 14ක පාද නමස්කාරයේ යෙදෙති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා