ගම් යා කිරීමේ වැඩසටහනින් හෝමාගම ප්‍රධාන මාර්ග 13ක් කාපට් කර සංවර්ධනයට

ගම් යා කිරීමේ වැඩසටහනින් හෝමාගම ප්‍රධාන මාර්ග 13ක් කාපට් කර සංවර්ධනයට

*වියදම දසලක්ෂ 200ක්

*සෙත් පිරිත් සජ්ඣායනා මැද පාරක වැඩ අරඹයි

උදෑසන පනාගොඩ ප්‍රදේශයේ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩම වූ අයුරු.

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ගොඩගම ලයනල් ජයසිංහ මාවත කාපට් කිරීමේ කටයුතු ආරම්භ කළ අවස්ථාව. ජායාරුප- හෝමාගම සංචාරක

ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් මෙහෙයවන ගම් යා කිරීමේ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ දෙදහස් එකසිය අසූඑකක මුදලක් වැය කර හෝමාගම මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග දහතුනක් කාපට් කර සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත.

මේ යටතේ වටරැක, පානළුව මාර්ගය, පනාගොඩ පැළපාගොඩ රණවිරු ගම්මානය මාර්ගය, ජල්තර කැකුලන්විල මාර්ගය, කහතුඩුව සරණතිස්ස මාවත, හෝමාගම රාජ්‍ය කාර්යාල සංකීර්ණය (උසාවිය පාර) මාර්ගය, හිරිපිටිය දොළේකඩේ මාර්ගය, හෝමාගම නගරයේ පිටරවුම් (සතොස මාර්ගය) මාර්ගය, හිරිපිටිය ගම්මාන මාර්ගය, පිටිපන මාහේනවත්ත මහින්ද රාජපක්ෂ විදුහල මාර්ගය, පිටිපන කැන්දලන්ද හරස් මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත.

මේ වැඩසටහන යටතේ සංවර්ධනය කරනු ලබන සෑම මාර්ගයක්ම කාපට් කිරීමට පෙර එම ප්‍රදේශයේ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේ උදෑසන පිණ්ඩපාතයේ වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනය කිරීමෙන් පසු මාර්ගවල වැඩ ආරම්භ කෙරිණි.

ගොඩගම ලයනල් ජයසිංහ මාවත කාපට් කිරීමේ අවස්ථාවට පැමිණි හෝමාගම සංවර්ධන කමිටුවේ සභාපති හා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය.

හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ මේ වන විට ප්‍රධාන මාර්ග කාපට් කිරීමේ වැඩසටහන යටතේ කිලෝමීටර් පනස් හතරක් දුරක් කාපට් කර අවසන් වී තිබෙනවා.

මේ අවස්ථාවට හෝමාගම ප්‍රා. සභාවේ වැ. බ. සභාපති ඉන්දික කෝරළගේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන කමල් චන්දන, රංජිත් හේවාවසම්, කැළුම් ප්‍රියංකර යන මහත්ම මහත්මීන් ඇතුළුව විශාල පිරිසක් සහභාගි වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා