මුද්‍රණය සඳහා

 
යුද අපරාධ පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

යුද අපරාධ පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවට ඉල්ලා ගොනු කරනු ලැබූ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) නිෂ්ප්‍රභ කර තිබේ.

මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ හරහා විශේෂ පරීක්ෂණයක් කළ යුතු බව ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් දිල්ලි ද්‍රවිඩ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රාම් ශංකර් මෙම පෙත්සම ගොනු කර තිබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එසේම ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසාන අදියර තුළ ඉන්දීය හමුදා මැදිහත්වූ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ප්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ යුතු යැයි පෙත්සම මඟින් ඉල්ලා තිබුණත් එය නීතිමය හා අධිකරණ සීමා තුළ විභාගයට ගත නොහැකි බව පෙන්වා දී නිෂ්ප්‍රභා කර තිබිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]