මුද්‍රණය සඳහා

 
බන්ධනාගාර රැඳවියකුට ගෙනා බත් පාර්සලයේ කේරල ගංජා

බන්ධනාගාර රැඳවියකුට ගෙනා බත් පාර්සලයේ කේරල ගංජා

ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු බැලීමට පැමිණි අයකු ගෙන ආ බත් පැකැට්ටුවේ තිබූ අඹ ව්‍යාංජනයේ ඉතා සුක්ෂ්ම ආකාරයට අඹ ඇට දෙකට පලා එහි කේරල ගංජා ග්‍රෑම් තිහකට අධික ප්‍රමාණයක් සඟවා තිබී බන්ධනාගාර නිලධාරින් සොයාගෙන තිබේ.

ගාල්ල බන්ධනාගාරයේ අච්චු විඳින මිනීමැරුම් හා දරුණු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු බැලීමට ආ ඔහුගේ මාමා මේ ආකාරයෙන් ගෙන ආ බත් පැකැට්ටුවේ තිබී කේරල ගංජා තොගය බන්ධනාගාර නිලධාරින් විසින් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48 පමණ වන ආර්.ඒ රාජපක්ෂ නැමති අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවා ගාල්ල පොලීසියේ මත්ද්‍රව්‍ය දුෂණ මාර්ධන අංශය වෙත භාර දීමට බන්ධනාගාර නිලධාරින් පියවරගෙන තිබේ.

ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරි ඩබ්ලිව්.ඒ.ඞී.සී කරුණාසේකර මහතාගේ උපදෙස් පරිදි, ප්‍රධාන ජේලර් එස්.ඞී බන්දුසේන,ජේලර් එම්.ඩබ්ලිව් ප්‍රදීප්,නියාමක එස්.ඒ.පී.කේ අසංක,ඞී.ජී.එල් මහේෂ් යන බන්ධනාගාර නිලධාරින් මේ වැටලීම සිදු කර අදාළ සැකකාර පුද්ගලයා ගාල්ල පොලීසියට භාර දී තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]