මුද්‍රණය සඳහා

 
සිවුකොන් සය සාමාජික ක්‍රිකට් මාතර දී

සිවුකොන් සය සාමාජික ක්‍රිකට් මාතර දී

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය සංවිධාන කරන සිවුකොන් සුහද සය සාමාජික ක්‍රිකට් තරගාවලිය හෙට (19) මාතර රාහුල විදුහල් පිටියේදී පැවැත්වේ.

රුහු‍ණු සේවයේ ක්‍රිකට් කණ්ඩායම සමගින් මාතර ප්‍රා.සංසදය, ඉසදීන් නගරයේ ප්‍රින්ස් ක්‍රීඩා සමාජය හා වර්ණාස් මිතුරන්ගේ ක්‍රීඩා සමාජය මේ තරගාවලියට එක්වේ.

ජයග්‍රාහී කණ්ඩායමට දයාරත්න කොඩිප්පිලි අනුස්මරණ කුසලානය හිමිවන අතර අනුශූරයන්ට කපිල සමරවික්‍රම අනුස්මරණ කුසලානය හිමිවේ. තරගාවලියේ වීරයාට විශ්වනාථ ලියනගේ කුසලානයත්, දක්ෂතම පිතිකරු, පන්දු යවන්නා හා පන්දු රකින්නාටද ත්‍යාග පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති. රුහුණු සේවයේ කණ්ඩායම වසන්ත ජිනේන්ද්‍ර විසින්ද, ප්‍රා.සංසදය පිරුණ තිලකුමාර, ප්‍රින්ස් පිල තුසිත වික්‍රමසිංහ හා වර්ණාස් පිල ඩග්ලස් ද සිල්වා ‍විසින් මෙහෙයවනු ලබයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]