පළාත් 4කට තද වැසි - සුළං සමඟ අකුණු අවධානමක්

බස්නාහිර , දකුණ , සබරගමුව හා මධ්‍යම පළාත්වල සවස තැනින් තැන ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ඇතිවන දැ‍‍ඩි සුළං සමඟ අකුණු අවධානමක් ඇතිවනු ඇති බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි. මේ තත්තවය මත අකුණු අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ

විද්‍යාඥ චන්න රොද්‍රිගූ මහතා මහජනතාවට දැනුම් දෙයි.

පසුගිය දින කිහිපයේ දීම අපර භාගයේ දී ඇති වු ගිගුරුම් සහිත වැසි අද සිට ක්‍රමයෙන්පහව යන බවද පෙන්වාදෙන එම දෙපාර්තමේන්තුව නැඟෙනහිර හා හම්බන්තොටදිස්ත්‍රික්කවල වැසි ස්වල්ප වශයෙන් පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවඅනාවර‍ණය කර සිටී.බස්නාහිර පළාතේ මුහුදු අවට ප්‍රදේශයේ සවස ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බැවින්එම මුහුදු ප්‍රදේශ තරමක රළු ස්වභාවයක් ගන්නා බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.