මුද්‍රණය සඳහා

 
දස්කොන් හෙවත් කන්ද උඩ ගින්දර ඇරැඹේ

අවසාන නොවූ ප්‍රේම කතාව

දස්කොන් හෙවත් කන්ද උඩ ගින්දර ඇරැඹේ

‘කිසිවක් සිදු වී අවසාන වන්නේ නැත. සියල්ල සැම විටම සිදුවෙමින් පවතී.’ ජැක්සන් ඇන්තනී ඉතිහාසයට ප්‍රේම කරන්නේ එය සිදු වී අවසාන නොවන ෆැන්ටසියක් නිසාද? මෙයට පිළිතුරු දෙන්න ජැක්සන් සූදානම්.

ඒ ප්‍රේද්‍රෝ දී ගැස්කට්න්, උඩු මාලේ වඩුග බිසෝ, ශ්‍රී ලංකාවේ අවසාන සිංහල රජු, සහ මහතලාවේ කැප්පෙටිපොළ කුලවටියට නැවැත ජීවය පිඹිමින්. ක්‍රි.ව. 1739ට පෙර මේ චරිත සියල්ල මිය ගියේ දස්කොන් අදිකාරම, ප්‍රමිලා දේවී, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, මොණරවිල කුමාරිහාමි යන නම් පෙළ ඉතිහාසයේ අමරණීය මතක පොතට එක්කරමින්.

දස්කොන් හෙවත් ‘කන්ද උඩ ගින්දර’ ටෙලි නිර්මාණ ය ප්‍රේමයට ගිනි තැබූ එකල දේශපාලනික ගිනි පුපුර, අතිශයින් සෞන්දර්යාත්මක, ආනන්දනීය ප්‍රේම වෘතාන්තයක් ලෙස එළි දැක්වීමකි. ප්‍රේමය යනු කැඩපතක් නම්, තමාට තමාවම එයින් පෙනෙයි නම් දස්කොන් යනු ද සමාජයට තමාවම දර්ශනය වන කැඩපතකි.

දස්කොන් හරහා සමාජගත වන ප්‍රේමයේ විවරණය දස්කොන් හෙවත් කන්ද උඩ ගින්දර ළගදීම ස්වර්ණවාහිනී නාළිකාවෙන් දැක බලා ගැනීමට හැකි වේවි.

භූමිකා සහ පාත්‍රයෝ

ප්‍රමිලා - පූජා උමාශංකර්, දස්කොන් - රොෂාන් රවීන්ද්‍ර, නරේන්ද්‍රසිංහ - අඛිල ධනුද්ධර, මොණරවිල කුමාරිහාමි - මේනකා පීරිස්, පට්ටිය බණ්ඩාර - ගිහාන් ප්‍රනාන්දු, රම්මොලක මහාධිකාරම් - සතිස්චන්ද්‍ර එදිරිසිංහ,ෙව්කෙ මැතිඳු - රොෂාන් පිලපිටිය, කැප්පෙටිපොළ නිළමෙ - ලූෂන් බුලත්සිංහල, මහ කුමාරිහාමි - කුමාරි මුණසිංහ, යාලේගොඩ අධිකාරම් - නිහාල් ප්‍රනාන්දු, සූරිය‍ගොඩ උන්නාන්සේ - සම්පත් තෙන්නකෝන්, පිට්ටි නායක්කර් - ශ්‍රීමාල් වෙඩිසිංහ, අභීරාමි දේවි - කුසුම් රේණු, වඩුග මහ බිසෝ - අවන්ති අපොන්සු, ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා - චන්දික නානායක්කාර, ඉග්නේෂියස් පියතුමා - සෝමසිරි අලකොලංග, කිරිබකිනි - දිනූෂා රාජපතිරණ, පළිඟු ඇච්චි - මාධවී වත්සලා, රනී- උමන්දනී නානායක්කාර, හිච්චි එකී - රන්මිණී ශාක්‍යා, කිරිවවුලේ - රිචඩ් අබේවර්ධන, එරමුදුලියද්දේ - සේනක ටයිටස්, සරණංකර සාමනේර - මුදිත විජේසුන්දර, සේදර මැණිකේ- පියුමි‍ බො‍තේජු, සුරගුණයා - රුවන් පෙ‍‍ෙර්රා, ලබුතල ගනින්නැහේ - උදේනි සුබෝධි කුමාර, කිරිවැල්ලේ බිසව -හයසිනිත් විජේරත්න, කොඩිතුවක්කු මුහන්දිරම් - ගාමිණි ජයලත්, පයින්ඩ නිලමෙ - රන්දිව්, දෝන මෙරායා මග්දලේනා - ලුද්මිලා කිරිල්ලෝවා, ගණ නායක - රන්ජිත් සිල්වා, ජෝතිය බලි -සෝමවීර ගමගේ, අලගුනායිදු - චින්තක වාස්, කයිනේයි - සුභාෂිනී රාධා, විජයරාජ කුමාරයා - සුදම් කටුකිතුල, හින්නි බණ්ඩාර - ප්‍රවීන් කටුකිතුල, ඒදඬුවාව - අයිවන් ඇන්තනී, ොහිරා නයිදේ - අජන්ත මහන්තලආරච්චි, ගජනායක මුහන්දිරම් - කපිල සිගේරා, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ජැක්සන් ඇන්තනී,.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]