‘ආකේඩ්-නිදහස් චතුරස්‍රය’ ජනපති අතින් ජනතා අයිතියට

නව යුගයක් කරා ගමන් කරන ශ්‍රී ලංකාව තවත් එක් සාර්ථක ආරම්භයක් සනිටුහන් කරමින් දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ඉදිකළ "ආකේඩ් - නිදහස් චතුරස්‍රය" (Arcade Independent Square) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

විස්තර»


හල්පේ දැඩි සුළඟින් නිවාස 60කට හානි

බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්පේ සහ අවට ප්‍රදේශවලට බලපෑ දැඩි සුළඟ නිසා නිවාස 60කට පමණ හානි සිදු වී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

විස්තර»


පරිභෝජනයට නුසුදුසු සෝස් බෝතල් 15000ක් සොයා ගෙන

පාරිභෝගික අධිකාරිය මඟින් ඇලකන්ද පාර වත්තල ප්‍රදේශයේ ගබඩාවක් සෝදිසි කිරීමේදී ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු මිරිස් රසැති සෝස් බෝතල් 15000 සොයා ගැනීමට ඊයේ (13) සමත් විය. මෙම සෝස් බෝතල් ඇතුළත පුස් බැඳී තිබූ අතර එම සෝස් බෝතල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 45කට වඩා වැඩි බව පාරිභෝගික අධිකාරිය පවසයි.

විස්තර»


අනාගත පරපුර ශක්තිමත් කිරීම රටේ සංවර්ධනයට මනා රුකුලකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 ජූලි 8 වැනිදා මාදම්පේ දී

මුද්‍රිත කලාපය

ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් විමර්ශනයට කිසිම සහායක් ලබා දෙන්නේ නැහැ

- රටවල්වල අභ්‍යන්තර ඇඟිලි ගැසීම්වලට මුළුමනින්ම විරුද්ධයි

- පරීක්ෂණයක් වෙතොත් ශ්‍රී ලංකා රජයේ සහායෙන් විය යුතුයි

- ජගත් ප්‍රජාව ශ්‍රී ලංකාව සමඟ එක්ව සිටිය යුතුයි

ඉන්දියාව අවධාරණය කරයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් විමර්ශනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව ඉන්දියාව අවධාරණය කරයි. රටවල්වල අභ්‍යන්තර ප්‍රශ්නවලට බාහිරව ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නේ නම් එය ශ්‍රී ලංකා රජයේ සහයෝගයෙන් සිදුකළ යුතු වන අතර අන්තර් ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් ක්‍රියාකළ යුතු බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

විස්තර»

ගමේ දරුවන්ගේ තාක්ෂණ දැනුම නංවන්න

ඉ-නැණසල මධ්‍යස්ථාන දහසක් වසර නිමවීමට පෙර විවෘත කරන තීරණ

ගම්බද ප්‍රදේශවල පාසල් දරුවන් ඇතුළුව සියලු දෙනාගේම තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීමට මේ වසර නිමවීමට පෙර ඉ - නැණසල මධ්‍යස්ථාන දහසක් විවෘත කරන බව රජය ප්‍රකාශ කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දැනට ඉ - නැණසල මධ්‍යස්ථාන 789ක් රටපුරා විවෘත කොට ඇත.

විස්තර»

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිවුවැනි වරටත් සංවිධානය කළ ආසියාවේ විශාලතම සිසු පෙරහර ලෙස සැළකෙන ඇසළ මහා සිසු පෙරහර පෙරේදා (12) වීථි සංචාරය කරන ලද අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම පෙරහර නැරඹූ අයුරු. ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම් ෆවුසි, ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, බස්නාහිර පළාත්සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය - උදේශ් ගුණරත්න

ශ්‍රී ලංකා රේගු මන්දිරය අද ජනපති අතින් විවෘත වේ

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 1000ක් වැය කර මින් ඉදි කළ රේගු මන්දිරය අද (14) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ. 2014 වසරේ ජුනි මස 14 වනදාට ශ්‍රී ලංකා රේගුවට වසර 2015ක් සපිරේ. වසර 1806දී රේගු දෙපාර්තමේන්තුව ආරම්භ වූ අතර 1809 වසරේදී අන්තෝනී බර්ටලොච්චි මහතා පළඹු රේගු පාලකවරයා ලෙස පත් විය.

විස්තර»

ගොවීන්ගේ වගා ණය මුදල මිලියන 4000 දක්වා ඉහළට

බැංකු වෙත මුදල් නිකුත් කෙරේ

ජනපති තීරණය කරයි

ගොවීන්ගේ වගා ණය සඳහා ලබා දෙන ණය මුදල රුපියල් මිලියන 4000 දක්වා ඉහළ දැමීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ගොවි වගා ණය ලබා දීම සඳහා අඩු මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹ ඇති අතර ඒ අනුව ඉදිරියේදී මෙම මුදල් බැංකු වෙත නිකුත් කිරීමට නියමිතය.

විස්තර»

ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන

කුකුළු මස්-බිත්තරවලට පැනවූ තහනම ඉවතට

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන කුකුළු මස් සහ බිත්තර සඳහා පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කැර ඇත.

විස්තර»

උතුරුමැද තෙදින නාට්‍ය වැඩමුළුව සාර්ථකයි

උතුරුමැද පළාත් කළා උළලේ දී නාට්‍ය ඉදිරිපත් කරනු ලබන නාට්‍ය නිෂ්පාදකයින් සහ නාට්‍ය ශිල්පීන් පුහුණු කිරීමේ තෙදින වැඩමුළුවක් අනුරාධපුර සර්වෝදය මධ්‍යස්ථානයේදි ඉකුත්දා පැවැත්විණ. විසිපස් වන(25)වරටත් පවත්වනු ලබන මෙවර කළා උළෙල සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විස්තර»

මාතර අභිමානයට 2015 දැයට කිරුළ සුවිශේෂී සම්පතක්

දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා

2015 දැයට කිරුළ 2015 ප්‍රදර්ශනය මාතර දී පැවැත්වීමට ගත් තීරණය මාතර හා මාතර දිසාවේ ජනතාව ලැබූ සුවිශේෂී සම්පතක් යැයි දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා පැවැසීය. දැයට කිරුළ ප්‍රදර්ශනයේ මූලික ඉදිකිරීම් කටයුතු සඳහා මාතර කොටවිල ලැබීම ප්‍රදේශයේ හා මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විදුහල ආශ්‍රිත ප්‍රදේශයේ මුල්ගල් තැබීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වු ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවැසීය.

විස්තර»

වෛද්‍යවරියකගේ 74 හැවිරිදි මව නිවස තුළ ඝාතනය කරලා

අලුත්ගම පොලිස් සිරමැදිරියේ දී සැකකරුවකු බඩ කපා ගනී

ඖෂධ සම්බන්ධ සායනික පරීක්ෂණ වැඩපිළි‍වෙළේ ජගත් රටවල් අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙලා

ගුවන් පාලමේ සිට තුන්හදහේන දක්වා ඇති ආරක්ෂිත වැට ගලවා එහි කොටස් කැබළි කැර අලෙවි කරලා

නෙදර්ලන්ත දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට


රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව මනරම් පරිසරයක විශිෂ්ට අන්දමින් නිමාවට පත්කළ ‘ආකේඩ් - නිදහස් චතුරස්‍රය’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (13) ජනතා අයිතියට පත් කෙරුණු අතර රුපියල් මිලියන 500ක් වැය කරමින් ඉදිකළ ආකේඩ් - නිදහස් චතුරස්‍රය ඈතට දිස්වන අයුරු.

ඉන්දියාවට දැන් කොන්දක් තිබේ!

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

 

දිනමිණ පෞද්ගලික ආයතන අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

බලු බළලුන් වගෙයි මිනිස් ජීවිත බිලි ගැනිල්ල‍
වෙඩි තිබ්බේ නෑ කිව්වට පත්තු වෙලා වෙඩිල්ල
පොලීසියට දික් කරන්නේ ඇයි ඇතැමුන් ඇඟිල්ල
වහා වැසිය යුතු වෙයි නීතිය රිංගන කඩුල්ල

--------------- නිලමේ