ලොව විශාලම ඇසළ මහා සිසු පෙරහරින්....

ලොව විශාලම ඇසළ මහා සිසු පෙරහරින්....

සිවු වැනි වරටත් පවත්වනු ලැබූ ලොව විශාලතම ඇසළ මහා සිසු පෙරහර පෙරේදා (12) වීථී සංචාරය කළේය.

කොළඹ මහානාම විද්‍යාලයෙන් ආරම්භ වූ පෙරහර කොළඹ විශාඛා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය යන ප්‍රධාන ස්ථාන 4ක් ඔස්සේ පෙළගැසණු අතර පෙරහර කොල්ලුපිටිය ගාලු පාර ඔස්සේ අරලියගහ මන්දිරය ඉදිරියෙන් ගමන් කර රොටන්ඩා උද්‍යානයෙන් නවම් මාවතින් පෙරහර මාවත ඔස්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණියේය .

මේ පෙරහරට දිවයිනේ නන් දෙසින් පැමිණෙන පාසල් නැටුම් කණ්ඩායම් 200කට වැඩි ප්‍රමාණයක් සහභාගිවන අතර සිසුන් 15,000කට වැඩි පිරිසක් සහභාගිවීම වූ අතර කසකරුවන්, තාලම් නර්තන, පන්තේරු, කොඩි කණ්ඩායම්, අලි ඇතුන්, උඩරට හා පහත නැටුම්, වඩිග පටුන, සවරම්, පොල්මල් නැටුම, දමිළ නැටුම්, රබන්, ලී කෙළි, ගැමි නැටුම්, ගොයම් නැටුම්, වට්ටි නැටුම්, වෙස් නැටුම්, තූර්ය වාදක කණ්ඩායම් යානාදී නැටුම් කණ්ඩායම් 200කට වැඩි සිසුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මේ සිසු පෙරහරේ සංචාරය කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඇතුලු මැති අමැතිවරුන්, විදෙස් තානාපතිවරුන් හා සංචාරකයන් වෙනත් ආරාධිත ප්‍රභූ රාශියක් මේ පෙරහර නැරඹීමට එක්ව සිටියහ.








 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා