පරිභෝජනයට නුසුදුසු සෝස් බෝතල් 15000ක් සොයා ගෙන

පරිභෝජනයට නුසුදුසු සෝස් බෝතල් 15000ක් සොයා ගෙන

පාරිභෝගික අධිකාරිය මඟින් ඇලකන්ද පාර වත්තල ප්‍රදේශයේ ගබඩාවක් සෝදිසි කිරීමේදී ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු මිරිස් රසැති සෝස් බෝතල් 15000 සොයා ගැනීමට ඊයේ (13) සමත් විය.

මෙම සෝස් බෝතල් ඇතුළත පුස් බැඳී තිබූ අතර එම සෝස් බෝතල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 45කට වඩා වැඩි බව පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙම මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෝස් බෝතල් 3000ක් වෙළෙඳ පොළෙන් සොයාගෙන පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන ඇත. සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව මෙම වැටලීම සිදු කැර ඇත.

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ, ආහාර පාන සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන ලෙස ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට නියෝග කැර තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා