මුද්‍රණය සඳහා

 
වෛද්‍යවරියකගේ 74 හැවිරිදි මව නිවස තුළ ඝාතනය කරලා

වෛද්‍යවරියකගේ 74 හැවිරිදි මව නිවස තුළ ඝාතනය කරලා

කටුගස්තොට උඩුවාවල ප්‍රදේශයේ නිවසක තනිවම සිටි හැත්තෑහතර හැවිරිදි මවක අභිරහස් ලෙස ඝාතනයකැර තිබියදී සොයාගෙන ඇත.

භද්‍රාවතී ගුණවර්ධන (74) නැමැති කාන්තාවක මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියකගේ මවක් මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.

වෛද්‍යවරිය හා බැංකු නීති නිලධාරියකු වන ඇගේ සැමියා ඇතුළු දූ දරුවන් උදෑසන නිවසින් පිටව ගොස් සවස නිවසට පැමිණි අවස්ථාවේ මිය ගිය අය නිවස තුළ වැටී සිටිය බව දැක ඇත.

නිවස කොල්ල කෑමට පැමිණි පිරිසක් හෝ අයකු මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

සහකාර පොලිස් අධිකාරි නීතිඥ එස්.බී. රත්නායක මහතාගේ උපදෙස් මත කටුගස්තොට වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල හේරත් මහතාගේ මෙහෙය වීමෙන් පොලිස් පරීක්ෂක සී.එම්.අරවින්ද මහතා ඇතුළු නිලධාරීන් මෙහි වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]