නෙදර්ලන්ත දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

නෙදර්ලන්ත දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

සිවුදින නිල සංචාරයක් සඳහා නෙදර්ලන්ත විදේශ වෙළෙඳ නියෝජ්‍ය ඇමැති සයිමන් ස්මිට්ස් (Simon Smits) මහතා ඇතුළු දූත පිරිසක් අද (14) ශ්‍රී ලංකාවට පැමිණෙති.

නියෝජ්‍ය ඇමැතිවරයා සමඟ නෙදර්ලන්තයේ වෙළෙඳ සමාගම්වල ව්‍යාපාරික දූත පිරිසක් ද පැමිණෙන අතර ඔවුන් සෞඛ්‍ය, ජලය සහ උද්‍යාන වගා යන වෙළෙඳ ක්ෂේත්‍ර නියෝජනය කරන බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය පවසයි.

එළඹෙන 17 දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින ස්මිට්ස් මහතා ඇතුළු නෙදර්ලන්ත නියෝජිත කණ්ඩායම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් හමුවීමට නියමිත අතර ඊට අමතරව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හමුවී සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කරන බව එම තානාපති කාර්යාලය කියයි.

මෑත කාලයේ නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාට පැමිණෙන ඉහළ මට්ටමේ පළමු ඇමැතිවරයා වන විදේශ වෙළෙඳ නියෝජ්‍ය ඇමැති සයිමන් ස්මිට්ස් මහතා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික මෙන්ම ආයෝජන කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන බවද ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය කායා සිටී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා