ශ්‍රී ලංකා රේගු මන්දිරය අද ජනපති අතින් විවෘත වේ

ශ්‍රී ලංකා රේගු මන්දිරය අද ජනපති අතින් විවෘත වේ

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 1000ක් වැය කර මින් ඉදි කළ රේගු මන්දිරය අද (14) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ.

2014 වසරේ ජුනි මස 14 වනදාට ශ්‍රී ලංකා රේගුවට වසර 2015ක් සපිරේ. වසර 1806දී රේගු දෙපාර්තමේන්තුව ආරම්භ වූ අතර 1809 වසරේදී අන්තෝනී බර්ටලොච්චි මහතා පළඹු රේගු පාලකවරයා ලෙස පත් විය.

වසර 1869 දී ශ්‍රී ලංකා රේගුවේ නව යුගයක් ආරම්භ වූ අතර 1869 අංක 17 දරණ රේගු ආඥා පනත ආරම්භ කෙරමින් එතෙක් තිබූ සියලු රේගු පනත් ඒකාබද්ධ කෙරිණී.

ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන ශ්‍රී ලංකා රේගුව ජාත්‍යන්තර රේගු ප්‍රමිතීන්ට නිසි පිළිගැනීමක් ලබා දෙමින් නීත්‍යානුකූල වෙළඳාම සිදු කිරීමත් සංචාරක කර්මාන්තයට මෙන්ම සියලු කර්මාන්ත නගා සිටුවමින් පාරිසරික සුරක්ෂිතතාව ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරන බව රෙගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතා ප්‍රකාශ කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා