කුකුළු මස්-බිත්තරවලට පැනවූ තහනම ඉවතට

ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන

කුකුළු මස්-බිත්තරවලට පැනවූ තහනම ඉවතට

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන කුකුළු මස් සහ බිත්තර සඳහා පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කැර ඇත.

පක්ෂි උණ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් කුකුළු මස් සහ බිත්තර විදේශ රටවලින් ආනයනය කිරීම අත්හිටුවීමට එරටආණ්ඩුව තීරණය කැර තිබූ නමුත් මේ වනවිට එම තත්ත්වය යහපත් අතට හැරී තිබීම හේතුවෙන් මේ තීරණය ගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ආසියානු රටවල් කිහිපයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත කුකුළු මස් සහ බිත්තර ආනයනය නැවැත්වීමට එරට රජය තීරණය කැර තිබූ අතර ඊට ශ්‍රී ලංකාවද අයත්ව තිබූ බවද මේ වනවිට එවැනි පක්ෂි උණ අවධානමක් නැති බවට එරට ජල සහ පරිසර අමාත්‍යාංශය තහවුරුඩ කැර තිබෙන බවද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

ශ්‍රී ලංකාව පක්ෂි උණ රෝගයෙන් තොර රටක් බවට තහවුරු වීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ තහනම අත්හිටුවා ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කැර ගැනීමට හොඳ අවස්ථාවක් බවද ඇය පෙන්වා දුන්නාය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා