උතුරුමැද තෙදින නාට්‍ය වැඩමුළුව සාර්ථකයි

උතුරුමැද තෙදින නාට්‍ය වැඩමුළුව සාර්ථකයි

උතුරුමැද පළාත් කළා උළලේ දී නාට්‍ය ඉදිරිපත් කරනු ලබන නාට්‍ය නිෂ්පාදකයින් සහ නාට්‍ය ශිල්පීන් පුහුණු කිරීමේ තෙදින වැඩමුළුවක් අනුරාධපුර සර්වෝදය මධ්‍යස්ථානයේදි ඉකුත්දා පැවැත්විණ.

උතුරුමැද පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු ඇමැති කේ.එච්. නන්දසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පුහුණු වැඩමුළුව පැවැති අයුරු.

විසිපස් වන(25)වරටත් පවත්වනු ලබන මෙවර කළා උළෙල සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. උතුරුමැද පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු ඇමැති කේ.එච්. නන්දසේන මහතාගේ උපදෙස් පරිදි පළාත් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා උද්‍යානි විරසිංහ මහත්මියගේ සම්බන්ධීකරණයෙන් යුතුව සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් මෙම වැඩමුළුව ක්‍රියාත්මක කළේය.

අංග රචනය,වේදිකා පරිපාලනය කෙරෙන අයුරු,නිරූපනය ගැන්වීම් ඇතුළු කරුණු පිළිබඳව මෙහිදි නාට්‍ය ශිල්පීන් දැනුවත් කිරීම සිදුවිය. ප්‍රවීන නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල මහතා ඇතුළු කළා ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීන මහත්ම මහත්මින්ගේ මෙහෙය වීමෙන් මෙය පැවැත්විණ.

මේ සදහා අනුරාධපුර හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල නාට්‍ය ශිල්පීන් හැත්තෑ පස්දෙනෙකු(75)පමණ එක්ව සිටියහ.

මෙම තෙදින වැඩමුළුවේ අවසන් දින උත්සවය පසුගිය(11)දින පස්වරුවේ උතුරුමැද පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු ඇමැති කේ.එච්. නන්දසේන මහතා ප්‍රධානත්වයෙන් සිදු කළේය. එහිදි අදහස් දැක්වු ඇමැති කේ.එච්. නන්දසේන මහතා කියා සිටියේ උතුරුමැද පළාතෙන් විශිෂ්ඨ කළා කරුවන් රැසක් බිහිව ඇති බවත් එවැනි දක්ෂතා ඇති නව කළාකරුවන් අප පළාතෙන් බිහි කළ යුතු බවයි. එසේම ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඇති කිරීම තම අපේක්ෂාව බවද හෙතම පැවසීය.

කළාව ,සංස්කෘති නගාසිටුවීම සඳහා උතුරුමැද පළාතේ නාට්‍ය ශිල්පීන්ට අවශ්‍ය දැනුම පුහුණුව ලබා දීමත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන තිබීම පිළිබඳව තමන් මහත්සේ අගය කරන බව එහිදි නාට්‍ය ශිල්පීන් අදහස් දක්වමින් සඳහන් කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා