විද්යුත් ජාතික හැඳුනුම්පත පිළිබඳ දැනුවත් කෙරේ

විද්යුත් ජාතික හැඳුනුම්පත පිළිබඳ දැනුවත් කෙරේ

දැනට භාවිතා කරන හැඳුනුම්පත වෙනුවට සියලු තොරතුරු ඇතුළත් විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම පිළිබඳව පෞද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ජනතාව දැනුවත් කරයි. ශ්‍රීලංකාවේ අයට පමණක් මෙම හැඳුනුම්පත නිකුත් කරන අතර එයට අදාළ අයදුම්පත්‍රයෙහි පවුලේ සියලුම අයගේ තොරතුරු ඇතුළත් කළ යුතුය.

ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුකූලව මෙය නිකුත් කරන අතර ,කොළඹ විශ්වවිද්‍යාලය මගින් තොරතුරු තාක්ෂණය ලබා දෙයි. ග්‍රාම නිලධාරීන් හරහා මෙම තොරතුරු ලබාගන්නා බැවින් අදාල ලියවිලි සූදානම්කර තබාගන්නා ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ජනතාව දැනුවත් කරයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා