මුද්‍රණය සඳහා

 
හල්පේ දැඩි සුළඟින් නිවාස 60කට හානි

හල්පේ දැඩි සුළඟින් නිවාස 60කට හානි

බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්පේ සහ අවට ප්‍රදේශවලට බලපෑ දැඩි සුළඟ නිසා නිවාස 60කට පමණ හානි සිදු වී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පෙරේදා (12) රාත්‍රී සිට මෙම තද සුළං තත්ත්වය බලපා ඇති අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක වහලයක් ද සුළඟට හසු වී තිබිණ.

තද සුළඟින් අවතැන්වූවන්ට සහන ලබාදීමට රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ උපදෙස් මත පියවර ගෙන ඇත.

බලන්ගොඩ හල්පේ ප්‍රදේශයේ නිවාස 33ක් සුළඟින් හානි සිදු වූ අතර අවතැන්වූවෝ ප්‍රදේශයේ පාසලක ලැඟුම්ගෙන සිටිති.

බෙලිහුල්ඔය, පඹහින්න ප්‍රදේශවල ද නිවාස රැසකට සුළඟ නිසා හානි සිදු වී තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]