|
||||
බස්නාහිර පාසල් ක්‍රීඩා ශූරතාව කොළඹට
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධාන කළ පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලකුණු 1477ක් ලබාගත් කොළඹ අධ්‍යාපන කලාපය සමත්විය. තරගාවලියේ දෙවැනි ස්ථානය මීගමුව කලාපයටත්, කැලණිය කලාපයට තෙවැනි ස්ථානයත් හිමිවිය. මලල ක්‍රීඩා බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහල දිනාගනිද්දී මීගමුව නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය බාලිකා ශූරතාව හිමිකර ගත්තේය. තරගාවලියේ අතිශූර ක්‍රීඩකයා ලෙස මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දිනාල් නයන ශාන් ප්‍රනාන්දු සම්මාන දිනාගත් අතර මීගමුව නිවුස්ටඩ් බාලිකාවේ එච්.ඩී.විදුෂා ලක්ෂානි අතිශූර ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය. මේ තරගාවලියේදී නව තරග වාර්තා 16ක් බිහිවිය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය: 15න් පහළ බාලක-සහන් තේනුක රාජපක්ෂ මී.100 තත්පර 11.2 නව තරග වාර්තාවකි (සාන්ත බෙනඩික් විද්‍යාලය කොටහේන), බාලිකා-එම්.ඒ.වෙරෝනිකා සත්සරණී (සාන්ත සෙබස්තියන් බාලිකා මීගමුව) 17න් පහළ බාලක-එම්.සුපුන් ධනංජය ප්‍රනාන්දු කවපෙත්ත විසිකිරීම මී.52.02 (පානදුර රාජකීය විද්‍යාලය), බාලිකා-වී.රන්දි හිමාෂා කුරේ උස පැනීම මී.1.66 නව තරග වාර්තාවකි (රත්නාවලී බාලිකා වි.කොළඹ)- 19න් පහළ බාලක-දිනාල් නයන ශාන් ප්‍රනාන්දු දුර පැනීම මී.7.18 (මොරටුව සෙබස්තියන් වි.), බාලිකා-එච්.ඩී.විදුෂා ලක්ෂානී තුම් පිම්ම මී.7.06 නව තරග වාර්තාවකි (මීගමුව නිවුස්ටඩ් බාලිකා)- 21න් පහළ බාලක-ජි.කේ.ඩී.එස්.පියරත්න දුර පැනීම මී.7.06 (නාලන්දා විද්‍යාලය කොළඹ), බාලිකා-රුවන්ති ෆර්ඩිනෑන්ඩස් මී.200 තත්.26.3 (ගේට්ටේ ජාත්‍යන්තර පාසල කොළඹ) |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |