ඌව හා නැ‍ඟෙනහිරට අද ගිගුරුම් සහිත වැසි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට තද සුළං

ඌව හා නැ‍ඟෙනහිර පළාත්වල අද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තාවකාලික සුළං සමඟ අකුණු අවධානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය වැඩිවිය හැකියැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

පුත්තලම සිට කොළඔ ,ගාල්ල හා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සුළං නිරිත දෙසින් පැයට කිලෝ මීටර් 50ක වේගයෙන් හමනු ඇති බවත් කියන එම දෙපාර්තමේන්තුව මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු තීරයත් පුත්තලම සිට මන්නාරම ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවලත් සුළගේ වේගය විටක පැයට කිලෝමීටර් 60ක වේගයෙන් හමනු ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ රළු හා අනතුරුදායක බව කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණානායක මහතා අනාවරණය කර සිටී . මේ නිසා නාවික හා ධීවර කටයුතුවලදී සැලකිලිමත්වන ලෙසද එම දෙපාර්තමේන්තුව කියයි.