|
||||
යුද හමුදා සේවා වනිතා ඒකකයෙන් රණවිරුවන්ට රු. කෝටි 2ක පරිත්යාගරට වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත වූ රණවිරුවන් ඔවුන්ගේ දූ දරු මවුපිය ඥාතීන් වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය ඊයේ (17) රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් පරිත්‍යාග රැසක් සිදු කෙළේය. යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම උත්සවයේදී රණවිරුවන් 759 දෙනකුට එම පරිත්‍යාග හිමි විය. එම රණවිරුවන්ට අමතරව සිවිල් සේවකයන් තිදෙනකු, රණවිරු සුව සහන මධ්‍යස්ථාන අභිමංසල I, II හා III වෙනුවෙන් හා මිහිඳු සෙත් මැදුරේ නේවාසික විරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ද පරිත්‍යාග රැසක් සිදු විය. මේ පරිත්‍යාගවල සම්පූර්ණ වටිනාකම රුපියල් එක්කෝටි අසූලක්ෂයක් වෙයි. මේ යටතේ නිවසක් තනාගැනීමට ඉඩමක් නොමැති රණවිරුවන් වෙනුවෙන් ඉඩම් ඔප්පු, නිවාස නොමැති අයට නව නිවාස, අඩක් නිමකළ නිවාස තනාගැනීමට මූල්‍ය ආධාර, මියගිය රණවිරුවන්ගේ සහ ආබාධිත රණවිරුවන්ගේ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන්ට ප්‍රතිකාර ලබාගැනීමට මූල්‍ය ආධාර, ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ, රෝද පුටු, කෘත්‍රිම පාද, විදුලි රෝද පුටු, අධ්‍යාපනික ආධාර, කෘත්‍රිම අත්, පරිගණක, රණවිරු දියණියන්ගේ ඉල්ලීමකට අනුව පොළොන්නරුව ප්‍රදේශයේ දුෂ්කර පාසලකට රුපියල් ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් උස පැනීමට භාවිතා කරන මෙට්ටයක් ඇතුළු හමුදාවෙන් ඔබ්බට ගිය සද්කාරක පරිත්‍යාග කිහිපයක් ද යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් ලබා දෙනු ලැබිණි. එම සේවා වනිතා ඒකකය වසර පහකට අධික කාලයක් තිස්සේ කාය දානයෙන්, ජීවිත දානයෙන් රට වෙනුවෙන් කැප වූ හමුදා විරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා සොයා රණවිරු පවුල් පසුපස යමින් ඒවා ලබාදීමට කටයුතු කරගෙන යයි. ඒ අනුව යුද්ධයෙන් පසු රුපියල් කෝටි ගණනක් වටිනා පරිත්‍යාග රැසක් කර තිබේ. වත්මන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි දමයන්ති රත්නායක මහත්මිය යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත එම සේවා වනිතා ඒකකය හරහා එහි ඉදිරි දියුණුව හා සුරැකුම් වෙනුවෙන් ද නව වැඩපිළිවෙළ ගණනාවක් දියත් කර තිබේ. රජයට හෝ යුද්ධ හමුදාවට කිසිදු බරක් නොවී ඔවුන් විසින්ම ආධාර, වෙනත් ඉපයුම් හරහා සොයාගත් මූල්‍ය සම්පත් යොදා ගනිමින් මෙතරම් විශාල සද්ක්‍රියා රැසක් සිදුකරයි. ඊයේ යුද්ධ හමුදා මූලස්ථානයේදී එම පරිත්‍යාග සිදුවිය. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, එම මැතිනිය ඇතුළු යුද්ධ හමුදා සියලුම සේනාංකවල ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, එම සේවා වනිතා ඒකකවල සභාපතිනියන් සමඟ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. මෙහිදී කතා කළ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය රණවිරුවන් වෙනුවෙන් සිදුකරන එම උතුම් පරිත්‍යාග දැඩි ඇගයීමකට ලක්කළේය. ඔවුන් එම පරිත්‍යාග හරහා යුද්ධ හමුදාවට ශක්තියක් වන ආකාරයත්, යුද්ධය නිම වී වසර පහක් ගතවුවත් රණවිරුවන් අමතක නොකර ඔවුන් වෙනුවෙන් එම සේවා තව තවත් වැඩි කර සිදුකිරීම ඔවුන්ට දක්වන උතුම් කෘතගුණ සැලකීමක් බවත් පැවසීය. තවද මෙරට ත්‍රස්තවාදයෙන් බේරාගත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් කිසිම අවස්ථාවක අමතක නොකර ඔවුන්ගේ ඉල්ලීම් අවශ්‍යතාවයන් වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කරන බව ද කීය. තවද අපේ රණවිරුවන් වෙනුවෙන් ලෝකයේ කිසිම රටක් සිදු නොකරන ආකාරයේ ඉහළ සැළකීමක් අපේ රටේ රජය සහ ජනතාව සිදුකරන බවත්, එම කෘතගුණ සැළකීම අද ලෝකයටම ආදර්ශයක් වී ඇති බව ද යුද හමුදාපතිවරයා පැවසීය.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |