කොළඹ ශත සංවත්සර බාලදක්ෂ ජම්බෝරිය ජනපතිගේ ප්‍රධානත්වයෙන් දුම්මලසූරිය දී

කොළඹ ශත සංවත්සර බාලදක්ෂ ජම්බෝරිය ජනපතිගේ ප්‍රධානත්වයෙන් දුම්මලසූරිය දී

කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට වසර සියයක් පිරිම නිමිත්තෙන් “කොළඹ ශත සංවත්සර සැමරුම් ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය ලබන මස 01 වැනිදා සිට 07 වැනිදා දක්වා දුම්මලසූරිය මාදම්පේ “වයිග්රො“ කඳවුරු භූමියේදි පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 02 වන දින නිල වශයෙන් කඳවුර විවෘත කෙරේ.

මේ ජම්බෝරිය සඳහා රටවල් 30 ක හා මෙරට බාලදක්ෂ දක්ෂිකාවන් 3500 කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය.

මීට අමතරව පෝතක බාලදක්ෂයින් 1500 ක් මෙම කඳවුරට සහභාගි වීමට නියමිත අතර ඉන් 200 දෙනෙකු ප්‍රථම වතාවට දින දෙකක් පුරා කඳවුරු බැදීමට නියමිත බව කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් රිසා අසූර් මහතා පැවැසීය.

කොළඹ සිටි හෝටලයේ පෙරේදා (16) පැවැති මාධ්‍ය හමුවේදි රිසා අසූර් මහතා එසේ කීවේය.

සාමාන්‍ය බාලදක්ෂ ජම්බෝරි සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය විචිත්‍රවත් සැණකෙළි ස්වාභාවයකින් සමන්විතව අත්දැකීම් මෙම කඳවුරේදි ලබාගත හැති පව පැවැසු ඒ මහතා සංස්කෘතික සංදර්ශන, සංගීත සංදර්ශන, ගිණිමැළ, රංග භූමියන්ගෙන් සමන් විත බව ප්‍රකාශ කෙළේය.

මේ අවස්ථාවට වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර, ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, ලෝක බාලදක්ෂ කමිටුවේ සභාපති සයිමන් හැංග් බෝක් රී, ආසියානු පැසිෆික් කලාපීය බාලදක්ෂ කම්ටුවේ සභාපති ආචාර්ය චෝ ෂෝ පෝ මහත්වරුන් ඇතුලු උසස් නිලධාරීන් රැසක් සහභාගි විමට නියමිත බවද අසූර් මහතා කියා සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා