දාහේ හොර නෝට්ටු 2ක් ළඟ තබාගෙන අත්අඩංගුවට

දාහේ හොර නෝට්ටු 2ක් ළඟ තබාගෙන අත්අඩංගුවට

දාහේ හොර නෝට්ටු දෙකක් සන්තකයේ තබා ගත් සැකකරුවකු කොටුව පොලිසිය මගින් ගාලුමුවදොර පිටියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සැකකරු ඊයේ (17) කොටුව පොලිසිය මගින් ඉදිරිපත් කෙරුණ අවස්ථාවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඔහු 18 දක්වා (අද) රිමාන්ඩ්භාරයට පත්කරන ලදී.

මට්ටක්කුලියේ පදිංචිකාර විසිපස් හැවිරිදි රොෂාන් රුමේෂ් නැමැත්තා මෙසේ රිමාන්ඩ් භාරයට පත්කෙරුණ සැකකරුය.

ගාලුමුවදොර පිටියේ පිහිටි අවන්හලකින් කෑම කා දාහේ හොර නෝට්ටුවක් දීමේ දී එය හොර නෝට්ටුවක් බව මුදලාලිට දැනී තිබේ.

ඒ බව අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට මුදලාලි දැනුම් දීමෙන් පසු ඔහු පිළිබඳ වැඩිදුර පරීක්ෂණයේ දී ඔහු ළඟ තිබී තවත් දාහේ හොර නෝට්ටුවක් හමුවී තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා