මුද්‍රණය සඳහා

 
කොල්ලුපිටියේ සමාජශාලාවක නළඟනකට තවත් නළඟනන් තිදෙනෙක් පහරදීලා

කොල්ලුපිටියේ සමාජශාලාවක නළඟනකට තවත් නළඟනන් තිදෙනෙක් පහරදීලා

‍ෙකාල්ලුපිටියේ මුහුදු මාවතේ පිහිටි ඉන්දියානු සමාජශාලාවක නළඟනන් තිදෙනෙකු විසින් එහිම තවත් නළඟනකට අතින් පයින් පහරදීමේ සිද්ධියක් පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කොල්ලුපිටිය පොලිසියේ පො.සැ. ප්‍රේමරත්න (24575) සහ පො.කො. බුද්ධික (78685) යන මහත්වරුන් විසින් සුරේකා, දිල්කි සහ තිළිණි යන නළඟනන් තිදෙනා ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

ඒ අවස්ථාවේ සැකකාර නළඟනන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුදර්ශනී ගුණරත්න මහත්මිය අධිකරණය වෙත කරුණු දක්වමින් පහරදීමක් සිදුවූවා නම් සිද්ධිය සිදුවී ආසන්නයේම අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබුණ නමුත් එවැනි පහරදීමක් සිදුවී නැති බව පවසමින් සැකකාරියන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය.

නීතිඥ මහත්මිය‍ෙග් එම ඉල්ලීමට අනුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් සැකකාරියන් තිදෙනා ශරීර ඇප මත මුදාහැරීමට තීරණය කෙළේය.

මේ පහරදීම ගැන එම සමාජ ශාලාවේම නළඟනක් වන නෙල්කා නැමැතිය කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]