හිනිදුමට සංවර්ධන යෝජනා 757කට ලක්ෂ 2010ක්

හිනිදුමට සංවර්ධන යෝජනා 757කට ලක්ෂ 2010ක්

හිනිදුම ආසනයේ මෙම වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා සංවර්ධන යෝජනා 757 ක් සඳහා රුපියල් ලක්ෂ 2010 ක මුදලක් මේ වන විට ලැබී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂිකා පුෂ්පා මලලසේකර මහත්මිය පැවසුවාය.

මෙම මුදල් ආසනයේ ඇති නෙළුව , නාගොඩ, නියාගම හා තවලම යන ප්‍රාදේශිය සභා බලප්‍රදේශ සඳහා බෙදා ඇති අතර නෙළුවට ව්‍යාපෘති 204 ක්ද නාගොඩට 221ක් ද නියාගමට 159 ක්ද තවලමට 173 ක්ද වශයෙන් බෙදා ඇතැයිද ඒ මහත්මිය පෙන්නා දෙයි.

මෙම මුදල්වලින් එක ගමකට එක් වැඩක් යන ක්‍රමය යටතේ ව්‍යාපෘති 397ක් ද ගම නැගුම වැඩසටහන යටතේ 187 ක් ද විමධ්‍යගත යෝජනා යටතේ 123 ක්ද පාසල් සංවර්ධන වැඩ සටහන් යටතේ 29 ක්ද විශේෂ ව්‍යාපෘති යටතේ 74 ක්ද වශයෙන් සැලසුම් සකස්කොට ඇති බවත් පවසන එම මහත්මිය මේ යටතේ හිනිදුම ආසනයේ මෙම වසරේ දි මාර්ග හා පාලම් 212 ක් වාරි මාර්ග වැඩසටහන් 4ක් නළ ජල ව්‍යාපෘති 21ක් ප්‍රජාශාලා 8 ක්අධ්‍යාපන ගොඩනැගිලි 43ක් ,කුඩා ක්‍රීඩා පිටි 9ක් හා තවත් ව්‍යාපෘති හතරක් මෙම වසර අවසන් වීමට ප්‍රථම වැඩ අවසන් කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි ද මලලසේකර මහත්මිය පැවසුවාය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා