රත්තොට පාසල් පහකට ලක්ෂ 205ක්

රත්තොට පාසල් පහකට ලක්ෂ 205ක්

ආර්ථික සංවර්ධන අමාත්‍යංශ මූල්‍ය ප්‍රතිපාදන මගින් පළාත් නැගුම යටතේ රුපියල් ලක්ෂ 205 ක වියදමින් රත්තොට මැතිවරණ කොට්ඨාසයට අයත් රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් පහකට නව ගොඩනැගිලි ඉදිකිරීමට හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් වෙන්කර දී ඇතැයි රත්තොට ප්‍රාදේශීය සංවර්ධන කොමිටු සභාපති උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසීය.

කයිකාවල ප්‍රාථමික විදුහලේ නව සම්මන්ත්‍රණ ශාලාව ට රුපියල් ලක්ෂ 50 ක්ද, බණ්ඩාරපොළ මහා විදුහල නව දෙමහල් ශාලාවට රුපියල් ලක්ෂ 60 ක්ද , අළකොලමඩ මහා විදුහල නව දෙමහල් ශාලාවට රුපියල් ලක්ෂ 50ක්ද , නෙළුවාකන්ද බෞද්ධ විද්‍යාලය දෙවැනි මහල ඉදිකිරීමට රුපියල් ලක්ෂ 35ක් හා වේරගම සිරිසීවලි මහ විදුහලේ ප්‍රධාන ශාලාව ප්‍රතිසංස්කරණ ට රුපියල් ලක්ෂ 10 ක්ද මුදල් වෙන්කර ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා