මුද්‍රණය සඳහා

 
නැ‍ෙඟනහිරට කුඩා කර්මාන්ත අලෙවි සලක්

නැඟෙනහිරට කුඩා කර්මාන්ත අලෙවි සලක්

අලෙවි සල පළාත් සභා ඇමැති හාපීස් නසීර් අහමඩ් මහතා විවෘත කළ අයුරු. (ජායාරූප - ත්‍රි/මලය විශේෂ)

නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මඩකලපුව , පාසිකුඩා වෙරළට මුහුණලා පළාත් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් ඉදිකළ පේෂකර්ම හා කුඩා කර්මාන්ත අලෙවි සල හා සංචාරක නිවාසය පළාත් කෘෂිකර්ම, ග්‍රාමීය කර්මාන්ත ඇමැති හාපීස් නසීර් අහමඩ් මහතා අතින් විවෘත විය.

නැගෙනහිර පළාත් සභා මුල්‍ය අරමුදලින් මේ සඳහා රුපියල් මිලියන අටක් වැය කළ බව පළාත් ග්‍රාමීය කර්මාන්ත අධ්‍යක්ෂ ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත් කුමාර තෙන්නකෝන් මහතා පැවසීය.

විවෘත කළ නව අලෙවි සල සමඟ මේ වන විට පළාතේ අලෙවි සල් අටක් විවෘත කර ඇති බවකී ග්‍රාමීය කර්මාන්ත අධ්‍යක්ෂවරයා මෙයින් පළාතේ පේෂකර්ම හා කුඩා කර්මාන්ත නිෂ්පාදන දෙස් විදෙස් සංචාරකයන්ට අලෙවි කිරීම මෙහි අරමුණ බවද කීය. මෙම අවස්ථාවට පළාත් කෘෂිකර්ම, ග්‍රාමීය කර්මාන්ත ලේකම් කේ.පද්මනාදන්, පශු සම්පත් හා සත්ව නිෂ්පාදන පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය ටී.කේ.නවරාජන් යන මහත්වරු ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරික පිරිසක්ද එක්වූහ. අලෙවි සල පහළ මාලයේ ස්ථාපනය කර ඇති අතර සංචාරක නිවාසය උඩු මහලේ ස්ථාපනය කර ඇති බවද අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]