විදේශ ආයෝජනවලින් ඇ.ඩො. බිලියන 2ක ආදායමක්

විදේශ ආයෝජනවලින් ඇ.ඩො. බිලියන 2ක ආදායමක්

2014 වර්ෂයේ විදේශ ආයෝජනවලින් ඇ. ඩො. බිලියන 2 ක ආදායමක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වේ. 2013 වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව 2014 මුල් කාර්තුවේ 100% කින් විදෙස් ආයෝජන ඉහළ ගොස් ඇති අතර එය ඩො. මි. 440 ක් වේ යැයි ආයෝජන ප්‍රවර්ධන අැමැති ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මහතා පැවසීය. ගාල්ල හොල්සිම් සිමෙන්ති සමාගමේ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීම සඳහා ආයතනය නවීකරණය කිරීමෙන් පසු එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අැමැතිවරයා එම අදහස් කීය.

ඉදිරි කාලයදී ඉදිකිරීම් සඳහා සිමෙන්ති ටොන් 60 ලක්ෂයක අවශ්‍යතාව පවතී. දැන් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබන හෙයින් අප රටේ සිමෙන්ති නිෂ්පාදනය වැඩිකිරීම රජයේ අරමුණයි.

ඒ සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට රජය සියලු පහසුකම් ලබාදෙන අතර එකී ආයෝජන හිතකර ඒවා විය යුතුයි. විදෙස් ආයෝජකයන්ට පමණක් නොව දේශීය ආයෝජකයන්ට බදු සහන ලබාදෙනු ලැබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා