මගීන් 295ක් රැගත් මැලේසියානු ගුවන් යානයක් කඩාවැටෙයි

මගීන් 295ක් රැගත් මැලේසියානු ගුවන් යානයක් කඩාවැටෙයි

මගීන් දෙසිය අනූපහක් රැගත් මැලේසියානු ගුවන් යානයක් ඊයේ (17) අනතුරට පත් වී තිබේ. රුසියානු සහ යුක්රේන දේශසීමාවට ඉහළ දී ගුවන් යානය අනතුරට පත්ව ඇති බව විදේශ පුවත් සේවා වාර්තා කරයි. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගුවන් යානය පියාසර කරමින් තිබී ඇත.

රුසියානු ගුවන් කලාපයේ සිට කිලෝමීටර් 50 ක් ඈතින් මෙම ගුවන් යානය අනතුරට පත් වී ගිනි ගෙන දැවුණු බව විදේශ පුවත් සේවා පවසයි. යුක්රේනයට අයත් දේශසීමාවට මෙය කඩා වැටී ඇති බව කියයි. රුසියාව පවසා ඇත්තේ තමන්ගේ දේශසීමාවෙන් පිටතට මෙම යානය කඩා වැටී ඇති බවයි.

සටන්කාමීන්ගේ ප්‍රහාරයකට ලක්ව මෙය කඩාවැටෙන්නට ඇතැයි සැකකරන බව විදේශ ‍පුවත් සේවා කියයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා