මුද්‍රණය සඳහා

 
අතුරුදන් වූ සුදු නයා සතුන් වත්තෙන්ම හමුවෙයි

අතුරුදන් වූ සුදු නයා සතුන් වත්තෙන්ම හමුවෙයි

දෙහිවල සත්වෝද්‍යානයෙන් අතුරුදන් වුණු සුදු නාගයා ඊයේ (17) හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

දෙහිවල සත්වෝද්‍යානයෙන් මේ සුදු නාගයා අතුරුදන් වූයේ ඉකුත් සඳුදාය.

කෙසේ වෙතත් ඊයේ (17) දිනයේ එම නාගයා කොට්ට උරයක දමා යළි සත්වෝද්‍යානය තුළට වීසි කර දමා තිබියදී කුරුල්ලන් පුහුණු කරනා නිලධාරියකුට හමුවී තිබේ. සුදු නාගයා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව සත්වෝද්‍යානයේ වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති බවත්, වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා නාගයා මේ වන විට දෙහිවල පොලීසියට බාරදී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]