මරණ දැන්වීම්

 

 

 

 

සිසිල් ප්‍රනාන්දු - රීටා මහත්මියගේ ආදරණීය සැමියා වූද, රොහාන් (කැනඩාව), කපිතාන් ඩේමියන් (නාවික හමුදාව), ෂෙහාන් (වර්ල්ඩ් විෂන්) ගේ දයාබර පියාණන් වූද, නාලිනී, කෞෂල්‍යා සහ දිනූෂිගේ මාමණ්ඩිය වූද, නුරාෂා, නුරෙෂ්ක, කල්ෂා, නටාෂා, කවීෂා, ෂෙනල්ක, ෂිනෙලි, ෆේබියන් සහ ෂනිල්කගේ සීයා වූද, නැසීගිය සෙබස්තියන් සහ ජෙනිවීව් ප්‍රනාන්දුගේ පුතණුවන් වූද, නිමල්, නැසීගිය ඉන්ද්‍රානි, පද්මා, ජසින්තා, ලුසීඩා, ආනන්ද, නැසීගිය ලිලානි, නිලන්ති සහ කාමල්ගේ සොහොයුරා වූද, ක්ලෝටි, ඔගස්ටස්, නැසීගිය නිහාල්, මෙරිල්, යුස්ටස්, නෙළුම්, නැසීගිය රංජිත්, තිමති, රියර් අද්මිරාල් ෂේමාල් (නාවික හමුදාව), නැසීගිය සෙබස්තියන්, ජෝෂප් සහ ඇන්තනී යන අයගේ බෑණා වූ සිසිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය. දේහය මර්සලින් මාවත, මාරවිල යන ස්ථානයේ තැන්පත් කර ඇත. 2014 ජූලි මස 19 වන සෙනසුරාදා සවස 4.00 ට නිවසින් පිටත්වී මාරවිල ශ්‍රී කුරුස සිද්ධස්ථානයේ වතාවත් සිදු කිරීමෙන් අනතුරුව එම සුසාන භුමියේදී අවමංගල්‍ය කටයුතු සිදු කෙරේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා