කළුතර-නාගොඩ ජල ව්‍යාපෘති දෙකක් ජනතා අයිතියට‍

ලක්ෂ 30ක වියදමින් ඉදි කළ

කළුතර-නාගොඩ ජල ව්‍යාපෘති දෙකක් ජනතා අයිතියට‍

කළුතර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් නාගොඩ කලාපය තුළ පානීය ජල ව්‍යාපෘති දෙකක් ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදු කැරිණි.

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති දේශකීර්ති ලක්ෂ්මන් විදාන පතිරණ මහතාගේ ඉල්ලීම් මත මහ මාර්ග, වරාය හා නාවුක කටයුතු පිළිබඳ ඇමැති රෝහිත අබ්ගුණවර්ධන මහතා විසින් ආර්ථික කටයුතු අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ එම ව්‍යාපෘති සඳහා මූල්‍ය දායකත්වය ලබා දී තිබේ.

මේ අනුව රුපියල් ලක්ෂ 15ක ප්‍රතිපාදන යටතේ නිමකළ ගල්ලස්සපුර මහගම මේධාලෝක නාහිමි මාවත පානීය ජල ව්‍යාපෘතියත් (ප්‍රදේශයේ පවුල් 150කට සෙත සැලසෙන) කජුදූවවත්ත - මරඳගහවලවත්ත පානීය ජල ව්‍යාපෘතිය රුපියල් ලක්ෂ 15ක ප්‍රතිපාදන යටතේ ද( ප්‍රදේශයේ පවුල් 75කට සෙත සැලසෙන) ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම පානීය ජල ව්‍යාපෘති ජනතා අයිතියට පත් කරමින් පැවැති ජන හමුවක දී මහමාර්ග වරාය හා නාවුක කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

මම බේරුවල ඉඳින් කළුතරට එන කොට කළුතර නගරයහා ප්‍රධාන මාර්ගය ආශ්‍රිත සීමිත කොටසකටයි පානීය ජලය ලැබී තිබුණේ. කළුගඟ විශාල ජල ප්‍රමාණයක් රැගෙන කළුතර ආසනය මැදින් මුහුදට ගලාගෙන යනවා.

ඒ අභියෝගය භාර අරගෙන සමස්ථ කළුතර ආසනයෙන්ම 10%ක්ව පැවැති පානීය ජල සැපයුම 95%ක් දක්වා ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

කළුතර ප්‍රා. සභා සභාපති දේශකීර්ති ලක්ෂ්මන් විදානපතිරණ මහතා - නාගොඩ ප්‍රදේශය තුළ අතිවිශාල සංවර්ධනයක් සිදුවී තිබෙනවා. රජවත්ත, වෙනිවැල්කැටිය, අළුබෝගහලන්ද, ගල්ලස්ස වැනි ප්‍රදේශවල සියලු මාර්ග කොන්ක්‍රීට් කර හෝ කාපට් අතුරා සංවර්ධනය කර තිබෙනවා.

ඒවගේම නාගොඩ ප්‍රදේශයට තිබු පානීය ජල ප්‍රශ්නය විසඳීමට කටයුතු කර තිබෙනවා.

පානීය ජල ව්‍යාපෘති රාශියක් මේවනවිට ක්‍රියාත්මක කරනු ලැබුවා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා