මුද්‍රණය සඳහා

 
විවිධ බලවේගවලින් දරුවන් රැක ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා

විවිධ බලවේගවලින් දරුවන් රැක ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා

 කිංස්වුඩ් විදුහල්පති ජී. ජී. එස්. බණ්ඩාර

යම් වරදකට සිසුවකුට දඬුවම් කළහොත් එම සිසුවාගේ මවුපියන් ගුරුවරුන්ට දඬුවම් කරන යුගයක් එළැඹ ඇතැයි මහනුවර කිංස්වුඩ් විදුහල්පති පී. ජී. එස්. බණ්ඩාර මහතා කීය.

කිංස්වුඩ් විදුහලේ උසස් පෙළ සිසුන් හා ඔවුන්ගේ මවුපියන් වෙනුවෙන් පැවැති රැස්වීමක දී විදුහල්පතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ බණ්ඩාර මහතා මෙසේද කීය. අද තිබෙන්නේ ඉතාමත් සංකීර්ණ සමාජයක්. සමාජයේ විවිධ බලවේගවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට අපට මහත් වෙහෙසක් දැරීමට සිදුවී තිබෙනවා. ඒ අතුරින් මත්ද්‍රව්‍ය උවදුර තරුණ පරපුර ගිල ගනිමින් සිටිනවා. ඒ නිසා අප හැම ඉතා අවදියෙන් සිට එම විෂම බලවේගවලින් දරුවා බේරාගත යුතුයි.

කිංස්වුඩ් විදුහල ඉතා හොඳ විනයක් පවත්වාගෙන යන පාසලක්. ඒ වගේම අධ්‍යාපන කටයුතු අතින් ද අප විශිෂ්ට ප්‍රගතියක් ලබා තිබෙනවා. මේ සියල්ල අප සමබරව පවත්වාගෙන යා යුතුයි. එසේ නොමැති වුවහොත් අපට විශාල ලෙස ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවෙනවා. අද ඇතැම් දරුවන්ගේ මෙන්ම මව්පියන්ගේද ගුණධර්ම පිරිහී තිබෙනවා. එය සමාජයේ යහපැවැත්මට බාධාවක්. අද කිසිම වරදකට දරුවකුට දඬුවමක් දීමට ගුරුවරයකුට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

එසේ දඬුවම් කළ පසු අදාළ දරුවාගේ පාර්ශ්වයෙන් එම ගුරුවරයාට විවිධ බලපෑම් එල්ල වෙනවා. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]