මුද්‍රණය සඳහා

 
කඩුවෙල මාර්ග දහසයකට කාපට් ඇතිරීම අරඹයි

කඩුවෙල මාර්ග දහසයකට කාපට් ඇතිරීම අරඹයි

දස ලක්ෂ 485ක් ලබාදීලා

කඩුවෙල මැතිවරණ බල ප්‍රදේශයේ මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මාර්ග 16ක් කාපට් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

කඩුවෙල මැතිවරණ බල ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ඉල්ලීම අනුව රුපියල් දස ලක්ෂ 485.95ක මුදලක් මේ සඳහා පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ලබාදී ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ පාරවල් 5ක කාපට් කිරීමේ කටයුතු දැනට නිමවෙමින් පවතින බව, කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා පැවැසීය.

පට්ටියවත්ත පාර, විහාර මාවත, ජෝතිපාල මාවත, ජයන්ති මාවත හා තුන්අඳහේන මාවත එම මාර්ග වේ.

ඉදිරියේ දී කාපට් කිරීමට අයත් මාර්ග 11 මෙසේ ය.

දැදිමුත්තුඩුව පාර, උඩවත්ත පාර, කොස්වත්ත දුටුගැමුණු මාවත, මාලබේ රොබට් ගුණවර්ධන මාවත, මුත්තෙට්ටුගොඩ පාර, රාමනායක මාවත, තලවතුගොඩ වැව පාර, තපෝවනය පාර, රාජසිංහ මාවත, වැලිහිඳ පාර හා කොරතොට මැණිකාගාර යන පාරවල් වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]