|
||||
කෑගලු කොහොඹා කංකාරියට පාසල් සිසුන්ට ආරාධනාකෑගල්ල, මීපිටිය, රෝයල් ජාත්‍යන්තර පාසලේ දී කොහොඹා කංකාරි ශාන්තිකර්මයක් අද (18) පැවැත්වේ. ජනාධිපති සම්මානලාභී නර්තනාචාර්ය සිරිසේන පඬිවිට මහතාගේ මුලිකත්වයෙන් පැවැත්වෙන මෙම ශාන්තිකර්මය රෝයල් ජාත්‍යන්තර පාසලේ නර්තන ආචාරිනී අචිනි අරඹේවත්ත මහත්මිය ඇතුළු පාසලේ නර්තන අංශය විසින් මවුපියන්ගේද සහභාගිත්වයෙන් සංවිධානය කර ඇත. කලකින් දැක ගැනීමට නොලැබෙන මෙම කොහොඹා කංකාරි ශාන්ති කර්මය පිළිබඳ මෙදින පෙරවරුවේ රෝයල් ජාත්‍යන්තර පාසලේ දී පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද සංවිධානය කර ඇත. එම වැඩමුළුවට සහභාගිවීමට කෑගල්ල නගරය අවට පාසල්වල සිසු සිසුවියන්ට ආරාධනා කර ඇතැයි කෑගල්ල රෝයල් ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂ ආචාර්ය නිව්ටන් පීරිස් මහතා පැවැසීය. මෙම කොහොඹා කංකාරි ශාන්තිකර්මය මෙදින රාත්‍රී 7.30 සිට පසුදා පහන්වනතුරු මීපිටිය රෝයල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණෙය් දී පැවැත්වේ. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |