මුද්‍රණය සඳහා

 
සුවිශාල සමාජ වගකීමක් පොත් ප්‍රකාශකයන් සතුව තිබෙනවා

සුවිශාල සමාජ වගකීමක් පොත් ප්‍රකාශකයන් සතුව තිබෙනවා

 - ආචාර්ය ගුණදාස අමරසේකර

පොත් ප්‍රකාශකයා සතුව සමාජීය වගකීමක් ඇතිය යන්න අපට නුහුරු සංකල්පයක් නමුදු කාලාන්තරයක් මුලුල්ලේ පොත් ප්‍රකාශනයේ යෙදී ඇති ප්‍රකාශකයන්, විශේෂයෙන් බටහිර රටවල ප්‍රකාශකයන් මේ සමාජ වගකීම සිය වෘත්තියේ අනිවාර්ය අංගයක් ලෙස සලකා ක්‍රියා කරන බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.

ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහ, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්, ආචාර්ය ගුණදාස අමරසේකර මහත්වරුන්, අහංගම ආනන්ද නාහිමි, අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහා නායක තිරිකුණාමලේ ආනන්ද නාහිමි උත්සවයට සහභාගි වී සිටිඅයුරු.

පොත් ප්‍රකාශකයන්ගේ පළමු කාර්යය වූයේ තමන්ට ලැබෙන අත් පිටපත් විද්වත් මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරීම බවද අමරසේකර මහතා ප්‍රකාශ කළේය.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ අදහස් පළ කළේ විශිෂ්ටයන්ගේ විශිෂ්ට පොත් දෙසිය පනහක් පොත් ප්‍රදර්ශනය, ලේඛක වගතුග දැක්ම, අධ්‍යාපන සාහිත්‍ය සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක උළෙලට සහභාගි වෙමිණි. මෙය පෙරේදා( 28 ) කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පැවැත්විණ. විසිදුනු ප්‍රකාශකයන් මෙය සංවිධාන කර තිබිණ.

Faber ප්‍රකාශකයන්ගේ වින්ශ්චය මණ්ඩලයේ ප්‍රධානියා වූයේ ටී. එස්. එලියට් නැමැති මහා කවියායි. එම් විනිශ්චය මණ්ඩල සැකසී තිබුණේ රටේ පිළිගත් උගතුන්ගෙන්. අප රටේ සිටිනා වත්මන් පොත් ප්‍රකාශකයින්ගෙන් බොහෝ දෙනෙකු ප්‍රකාශනයට තෝරා ගන්නා පොත් සඳහා ඉහත ආකාරයේ පිළිවෙතක් අනුගමනය නොකරන බව රහසක් නොවේ. මොවුන් බොහෝ දෙනෙකු වානිජ අපේක්ෂාවෙන් කටයුතු කරන බව පෙනෙනවා. මේ තත්ත්වය අප රටට සීමා වූවක් නොවේ. මේ ප්‍රවණතාවය ලොවපුරා පැතිරී තිබෙනවා.

උසස් සාහිත්‍ය කෘති පාඨකයන් අතින් ගිලිහී යාම දුවෙනවා. මේ ප්‍රචාරයේ තවත් පැති කඩක් අපේ රටේ වාර්ෂකව පවත්වන පොත් ප්‍රදර්ශනයේ දීද දැකගත හැකියි.

බොහෝ රටවල් තුළ ඇති සභ්‍යත්වය, ජාතික පදනම විනාශ කිරීමට බටහිර බලවතුන් දරන උත්සාහයේ දී සාහිත්‍ය ද ප්‍රබල අවියක් ලෙස යොදා ගත හැකියි.

අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහ නායක තිරිකුණාමලේ ආනන්ද නාහිමි- විශිෂ්ටයන්ගේ විශිෂ්ට කෘති දෙසිය පනහක් මෙසේ එළි දැක්වීම අප අගය කළ යුතුයි. මේක සමාජයට, සාහිත්‍යයට කළ විශාල මෙහෙවරක්. පොත් ප්‍රකාශකයො බොහෝ විට කථා කරන්නේ තමන් මෙච්චර මෙච්චර ග්‍රන්ත මුද්‍රණය කර ඇති බවයි. මෙහිදී තමන්ගේ කෘතිවල ගුණාත්මකබව පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි.

සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා- විවිධ කාලයන්හි රටට ජාතියට සේවය කරන විශිෂ්ටයන් බිහි වෙනවා. අනගාරික ධර්මපාලතුමා, කුමාරතුංග මුනිදාසයන් එවැනි පුද්ගලයන් වශයෙන් හඳුන්වන් පුළුවන්. මෙවැනි පුද්ගලයන් බොහෝ දෙනෙක් එදා සමාජයේ පුද සත්කාර ලැබුවෙ නැහැ.

මෙවැනි බොහෝ දෙනා සම්මත ක්‍රමය අනුව ගමන් කරනවා අඩුයි. හැබැයි ඔවුන් නිසා සමාජ විප්ලව ඇති වෙනවා. සමාජයේ වෙනස් කම් ඇති වෙනවා. කුමාරතුංග මුනිදාසයන් එවැන්නෙක්.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් මහතා- විසිදුනු ප්‍රකාශක ගෙවිඳු අපත් සමඟ විවිධ අවස්ථාවල එකට වැඩ කර තිබෙනවා. විද්‍යාව ඉගෙන ගත්ත ගෙවිඳු ඒ කාලයේ ජනප්‍රිය නොවිච්ච අකුරු අමුණල පොත් මුද්‍රණයට යොමු වීම අපට මහ පුදුමයක් වුණා. ඒ කාලෙ අපෙත් එක්ක සිටි අය සමාජයට, ජාතික දේශපාලන වශයෙන් විවිධ එකතු කිරීම් කළා.

ඩු වෙනවා කියන එක.

ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහ මහතා- 1987 අවුරුද්දේ ගාල්ල පුරහලේ එක්තරා උත්සවයක් පැවැත්වුණා. ඒ උත්සවයට සහභාගි වුණා සෝවියට් ලේඛකයන් තිදෙනෙක්. ඔවුන් අතර වැල්රි බොයිචෙන්ගෝ කියන කවියාත් සිටියා. ඔහු කතා කරමින් කීවා, මානවයා මෙතෙක් සොයාගත් විශිෂ්ටතම සොයා ගැනීම පොත කියල. එහෙම කියන්නෙ සඳ තරණය කළ රටක, ඉතා ඉහළ තාක්ෂණයක් තිබෙන රටක ලේඛකයෙක් සහ කවියෙක්.

පොත විශිෂ්ඨතම සොයා ගැනීම වූවාට පොත් ලියන්න, නිවැරදිව තෝරාගෙන මුද්‍රණය කරන්න හැමෝටම බැහැ. පොතකට ගැඹුරු නමක් දැම්මාට ඒක හොඳ කෘතියක් වන්නෙ නැහැ. කෘතියක නිවැරදි භාෂාවක් තබෙන්න ඕනෙ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු විද්වත්හු රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]