|
||||
හල්දුම්මුල්ල නාය යාමේ ඛේදවාචකයෙන් මවුපියන් අහිමි දරුවන්ගේ මානසික පීඩනය අවම කිරීමට පියවර ගැනේ
බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රදේශයේ නාය යෑමෙන් මව්පියන් අහිමි දරුවන්ගේ මානසික පීඩනය අවම කිරීමට ඒ සඳහා බලපැවැත්වෙන අදාළ ආයතන වෙත යොමු කිරීමට මේ වනවිට සාකච්ඡා කර ඇති බව ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. එසේම ඔවුන් රැකබලා ගැනීම ඇතුළු නඩත්තු කටයුතු රජයේ වියදමින් කිරීමට ද සැලසුම් සකස් කර ඇති බව අමාත්‍යවරයා කීය. විපතටපත්වූවන් වෙනුවෙන් සහන කටයුතු දිස්ත්‍රික් ලේකම්වරයා යටතේ ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් කළ අමරවීර මහතා අසරණත්වයට පත්ව ඇති දරුවන් ඇතුළු වැඩිහිටියන් මේ වනවිට සහන කඳවුරු 2ක රඳවා ඇතැයි ද පැවසීය. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |