දුම්රිය සේවකගේ බුද්ධියෙන් දුම්රිය අනතුරක් වළකී

දුම්රිය සේවකගේ බුද්ධියෙන් දුම්රිය අනතුරක් වළකී

දුම්රිය ධාවනයට අවහිර වන පරිදි හාලිඇල -බදුල්ල අතර දුම්රිය මාර්ගයට පෙරළී තිබු ගලක් දුම්රිය සේවකයකුත් ඔහුගේ පුතාත් තවත් කිහිප දෙනෙකුත් එක්ව වහා ඉවත් කිරිම නිසා සිදුවීමට ගිය අනතුරක් ‍වළක්වා ගැනීමට හැකිවූ බව වාරතාවේ . දුම්රිය දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය ගොඩනැගිලි අංශයේ ආර්.ජේ.චන්ද්‍රරත්න මහතා මෙම අනතුර වැළැක්වීමට මූලිකත්වය ගෙන ඇත.

ඉකුත් 24 වැනිදා රාත්‍රි චන්ද්‍රරත්න මහතා හා ඹහුගේ පුතාවන ජනිත් ලක්මාල් චන්ද්‍රරත්න යන පාසැල් ශිෂ්‍යයාත් පවුලේ තවත් අයත් ගමනක් ගොස් ආපසු එද්දී දුම්රිය මාර්ගයට ගලක් වැටි මාර්ගය අවහිර වි තිබෙනු දැක තිබේ. ඔවුන් මෙය දැක ඇත්තේ කොළඹ සිට බදුල්ල බලා ධාවනය කෙරෙන රාත්‍රි තැපැල් දුම්රියක් හා තවත් නගරාන්තර දුම්රියක් මෙම ස්ථානයට ළඟාවීමට ඹන්න මෙන්න කියා තිබියදීය

එම දුම්රියන් පැමිණීමට පෙර ගල මාර්ගයෙන් ඉවත් කිරිම සඳහා තමා හාලිඇල දුම්රිය ස්ථානාධිපතිවරයාටත් , නානුඹය දිස්ත්‍රික් ඉංජිනේරුවරයාටත් දැනුම් දුන් බවත් එහෙත් එම නිලධාරින් පියවර ගැනීමට පෙර තමා ඇතුළු කිහිපදෙනෙකුත් එම මාර්ගය බලාගැනිමට නියමිත මහතාත් එක්වී එම ගල මාර්ගයෙන් ඉවත් කළ බවත් එය ඉවත් නොක‍ළේ නම් දුම්රිය පීලි පැනීමට ලක්වන බවත් චන්ද්‍රරත්න මහතා පැවසීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා