ජනවාරි මාසයේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙනවා

ජනවාරි මාසයේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙනවා

- අගමැති දි.මු. ජයරත්න

ලබන වසරේ ජනවාරි මාසයේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බව අගමැති දි.මු. ජයරත්න මහතා පැවැසීය.

ජනාධිපතිවරණය ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත නමුත් තවම දිනයක් නිශ්චිතවම නියම වී නැති බවත් දිනය කලින් ප්‍රකාශ කරනවට වඩා එකපාරම ප්‍රකාශය කරන කොට ඇගට හොදට දැනෙන බවත් හෙතෙම කීවේය.

ජනාධිපතිවරයාට තුන්වන වරටත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ කිසිදු බාධාවක් නොමැති බව පැවැසු ඒ මහතා විධායක බලතල නොමැතිව එම ධූරයෙන් පළක් නොවන බව ප්‍රකාශ කෙළේය.

තිස් වසරක් දිව ආ ත්‍රස්තවාදය අවසන් කිරිමට හැකි වුයේ විධායක ජනාධිපති ධූරය තිබුණ නිසා බවත් එසේ නොවුන නම් දෙස් විදේස් බලවේගවලින් පැමිණි තර්ජන ගර්ජනවලට මුහුණ දීමට හැකි නොවන බවත් ජයරත්න මහතා කියා සිටියේය.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා එක් අයෙකුට දෙවතාවකට වඩා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි කියා තිබෙන වචනයේ "නො" කපල දැමූ බව ගොඩක් අයට දැන් අමතක වෙලා බව දි. මුජයරත්න මහතා කීවේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා