අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට ප්‍රතිලබා රැසක් ලබාදීලා

අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට ප්‍රතිලබා රැසක් ලබාදීලා

 - අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය

වසර 2015 අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට ප්‍රතිලබා රැසක් ලබාදී ඇතැයි අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කරුණු දක්වන එම සංගමය මෙසේද පවසයි. රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් පහළොස් දහස කිරීම, එය සකස් වනතුරු රුපියල් තුන්දහසක අන්තර් දීමනාවක් ලබාදීම, අත්‍යඅවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීමට පියවර ගැනීම, එමෙන්ම අනියම්, කොන්ත්‍රාත් හා ආදේශක දින 180කට වැඩි සේවකයින් 20,000ක් ස්ථිර කිරීමට ගත් තීරණය හදපිරි සතුට පල කරන එම සංගමය මේ සේවකයින් වසර පහක් තිස්සේ රුපියල් අටදහසක වැටුපක් ලැබු අය බව පෙන්වාදෙයි.

එමෙන්ම සියලු රාජ්‍ය සේවකයින්ට යතුරුපැදි ලබාදෙන ලෙසත් මේ සියලු කාර්යන් තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සේවය එක්තරා සන්ධීස්ථානයකට ගෙන ඒමට දරණ උත්සහයට අපි සැවොම සහයෝගය ලබාදිය යුතු බව පවසයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා