හයිටි බලා යෑමට හමුදාවේ 850ක්

හයිටි බලා යෑමට හමුදාවේ 850ක්

හයිටි සාමසාධක හමුදා සේවය සඳහා තෝරාගත් ත්‍රිවිධ හමුදාවේ 850ක පිරිසක් ලබන 13 – 18 අතර දින අතර දින කිහිපය තුළ මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබේ.

යුද්ධයෙන් පසු හයිටි සාමසාධක හමුදා සේවයට යන 20 වැනි බළඇණිය මෙය වෙයි. යුද්ධ හමුදාවේ නිලධාරින් 54ක් සහ සෙසු නිලයන් 708ක්, නාවික හමුදාවේ නිලධාරින් 2ක් සහ සෙසු නිලයන් 42ක්, ගුවන් හමුදාවේ නිලධාරින් 2ක් සහ සෙසු නිලයන් 42ක් එම කණ්ඩායමට ඇතුළත් වෙයි.

හයිටි සාමසාධක හමුදා සේවයට ආරක්ෂක අංශවල පිරිස් යෙදවීම මාස හයෙන් හයට සිදුවන අතර ත්‍රිවිධ හමුදාවේ සෑම අංශයකම භට පිරිස් නියෝජනය වන පරිදි ඒ සඳහා තෝරා ගැනීම් සිදුකෙරෙයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා