මුද්‍රණය සඳහා

 
වැවිලි සංස්ථා .ඇල්කඩුව වැවිලි . සේවක සේවිකාවන්ෙග් හිඟ මුදල්වලින් රු. ලක්ෂ 300ක මුදලක් ගෙවීමට පියවර

වැවිලි සංස්ථා .ඇල්කඩුව වැවිලි . සේවක සේවිකාවන්ෙග් හිඟ මුදල්වලින් රු. ලක්ෂ 300ක මුදලක් ගෙවීමට පියවර

රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගමේ සේවක සේවිකාවන් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ සේවක අර්ථ සාධක, සේවක භාරකාර සහ පාරිතෝෂික ඇතුළු හිඟ වත්කම්වලින් රුපියල් ලක්ෂ 300ක මුදලක් ගෙවීම රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා අතින් ‍එම අමාත්‍යාංශයේදී හෙට (31) සිදුකැරේ.

මෙකී වැවිලි සමාගම් දෙක වෙනුවෙන් රුපියල් ලක්ෂ 150 බැගින් වන පරිදි ආයතන දෙකේම සේවක සේවිකාවන් තුන්සියයකට පමණ මෙකී මුදල් ගෙවීමට නියමිත ය.

සමස්ත හිඟ මුදල් ගෙවීම මියගිය සේවකයන්, අසනීප තත්ත්වයේ පසුවන ආබාධිත වූ සහ දැනට සේවයේ යෙදෙන වශයෙන් කොටස් තුනකට වර්ග කර ඇති බවත්, මෙවර ප්‍රමුඛතාව අසනීප තත්ත්වයෙන් පසුවන ආබාධිත වූ අයට ලබා දීමට තීරණය කර ඇති බව ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති නීල් බෝගහලන්ද මහතා පවසයි.

රජය වතුවල වාණිජ වටිනාකමින් වවා තිබෙන දැව නිස්සාරණය කිරීමෙන් ලබා ගන්නා මුදල් සහ ආයතන ලැබූ ලාභවලින් මෙම වගකීම් නිරවුල් වන බවද ඒ මහතා පැවැසීය. මේ පිළිබඳ අදහස් දක්වන රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා වසර විස්සක පමණ අතීතයේ සිට ගොඩගැසුණු හිඟ වගකීම් මේ වන විට නිරවුල් වෙමින් තිබෙන බවත්, මේ හිඟ වගකීම් සිහිනයක්ව තිබූ සේවක සේවිකාවන්ගේ සිහින වත්මන් රජය යටතේ සැබෑ වන බවත් ය.

විපක්ෂය කුමන චෝදනා කළත් රජයේ සැලසුම් සහගත වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී මෙම අයතන ලාභදායී වන බවද ඉදිරි ජයග්‍රහණ සියල්ල ම රජය වෙත ලැබෙන බවද ඇමැතිවරයා පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]