සහන කටයුතුවලට නිල් බළකායේ 300ක්

සහන කටයුතුවලට නිල් බළකායේ 300ක්

- පා.ම. නාමල් රාජපක්ෂ

කොස්ලන්ද මීරියබැද්ද ගම්මානයේ නායයාමෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් සහන සේවා කටයුතු සිදුකිරීම සඳහා නිල් බලකායේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නිල් බලකායේ සාමාජික සාමාජිකාවන් 300ක් පමණ මේ වන විට යොදා ඇතැයි නිල් බලකාය සඳහන් කරයි.

මෙහිදී විපතට පත් ජනතාව වෙනුවෙන් සියලුම සහන සේවා කටයුතු ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සම්බන්ධීකරණය සිදුකර ගනිමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසටද සභාපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත. මෙම නායයෑමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ඉදිරියේ දී ගත යුතු අනෙකුත් ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විටත් නිල් බලකාය විසින් සාකච්ඡා ආරම්භ කර ඇති අතර රජයේ අවධානය යොමු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද කටයුතු සිදු කරමින් සිටී.

මෙයින් අවතැන් වූ ජනතාවට සහන කටයුතු සැලසීමට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය,ජල බෝතල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. මෙම සිද්ධියේ දී ජීවිත හානි වූ අයගේ ඥාතීන් වෙත නිල් බලකාය වෙනුවෙන් සාතිශය සංවේගය ප්‍රකාශ කරන බවද කියා සිටියි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා