මුද්‍රණය සඳහා

 
කොස්ලන්ද ග්‍රාම නිලධාරිනිය 28දා සවසත් අනතුරු ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කිව්වා

කොස්ලන්ද ග්‍රාම නිලධාරිනිය 28දා සවසත් අනතුරු ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කිව්වා

දිස්ත්‍රික් ලේකම්

කොස්ලන්ද මීරියබැද්දේ ගම අනතුරට පත් ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිනිය පෙරේදා (28) දිනත් ගම්වාසීන්ට එම පදිංචි ස්ථානවලින් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක මහතා ‘දිනමිණ’ ට පැවසීය.

එම දැනුම්දීම කළ අවස්ථාවේ ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඊයේ (29) පෙරවරුවේ එම ස්ථානවලින් ඉවත් වන බවයි.

එහෙත් පෙරේදා රාත්‍රියේවත් ඔවුන් ඒ සඳහා සූදානම් වී නොතිබී ඇති බව දක්නට ලැබී ඇත.

ග්‍රාම නිලධාරිනිය එම දැනුම් දීම කර ඇත්තේ එම කඳු මුදුන උඩින් ජලය ගලා එනු දක්නට ලැබූ නිසා බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.

තවද 2005 වසරේ සිට 2012 වසර දක්වාම මෙහි පදිංචිකරුවන්ට ‍එම දැනුම්දීම කර ඇතත් ඔවුන් එය පිළිපැද නොමැත.

ඊයේ පස්වරු වන විටත් ජීවිත බේරාගැනීමේ කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් යොදමින් පස් කඳු ඉවත් කරමින් සිටින බව පැවසූ දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක මහතා මෙම පස් කඳු ඉවත් කිරීමට තවත් දින 3 - 4වත් ගතවීමට ඉඩ ඇතැයිද කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]