මුද්‍රණය සඳහා

 
ඔබතුමියටයි මටයි වගේ මේ ගවයන්ට දේශපාලනයක් නෑ

ඔබතුමියටයි මටයි වගේ මේ ගවයන්ට දේශපාලනයක් නෑ

වනෝද්‍යාන තුළට ගවයන් මුදා හැරීම පිළිබඳව පිළිතුරු දෙමින් අනේ අලි මදිවට හරක් යැයි කී වනජීවි සම්පත් සංරක්ෂණ ඇමැති ගාමිණි විජිත් විජිතමුණි සොයිසා මහතා අනෙක් ඇමැතිවරුන් වගේ තමා සමඟත් කරුණාවෙන් දයාවෙන් කතා කරන්නැයි ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී එජාප මන්ත්‍රී රෝසි සේනානායක මහත්මියගෙන් සෙනෙහෙබර ඉල්ලීමක් කළේය.

මේ ඉල්ලීම අතරේ කළුවුනාට ලස්සනයි කියා ඒ එච් එම් අස්වර් මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දුන් ඇමැතිවරයා කන්කළු, දැකුම්කළු, සිත්කළු ආකාරයෙන් කතා කරන ලෙස තවදුරටත් ඉල්ලා සිටියේය.

රෝසි සේනානායක මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසා තිබු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ ඉල්ලීම කළ ඇමැතිවරයා ඔබතුමිය ඒ කාලයේ ඉදලම කිරි ගැන කතා කරනවානේ මන්ත්‍රිතුමිය වනෝද්‍යානවල සිටින ගවයන් එළියට දාපු ගමන් සත්තු හරක් මස් කඩේට දක්කාගෙන යනවා .ඒ පාප කර්මයට මට කර ගහන්න බැහැ යැයි කීවේය.

ගවයන් වනෝද්‍යානවලට දක්කන අයට එරෙහි පියවර නොගන්නේ ඔවුන්ගේ දේශපාලන සබඳතා නිසා දැයි මෙහිදී රෝසි සේනානායක මහත්මිය කළ විමසීමට බොහෝම හිතවත්කමින් පිළිතුරු දුන් අමැතිවරයා අනේ මන්ත්‍රිතුමිය මේ ගවයන්ට ඔබතුමියටයි මටයි වගේ දේශපාලනයක් නැහැ.

මේ හරක් හරි අහිංසකයි.මට මේ ගවයෝ මැරෙන්න අරින්න බැහැ.කැලේ තියෙන තණ කොළ ගවයෝ කනවා.වනෝද්‍යානවලට හරක් 15000ක් පමණ විදුලි වැටකඩා ඇතුළත් කර ඇතැයි සේනානායක මහත්මිය කීවාය. නැහැ අලි වැට උස්සලා තමයි හරක් ඇතුළට දාන්නේ කියා ඇමැතිවරයා කී විට එතකන් නිලධාරීන් කළේ මොකක්ද කියා සේනානායක මහත්මිය විමසුවාය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]