මුද්‍රණය සඳහා

 
අනියම් සේවකයින් විසිපන්දහසක් ස්ථිර සේවයට

අනියම් සේවකයින් විසිපන්දහසක් ස්ථිර සේවයට

[2014-10-30 10:30]

රාජ්‍ය සේවයේ නියුතු අනියම් සේවකයින් විසිදහසකට අධික සංඛ්‍යාවක් ස්ථිර සේවයට එක් කිරීමට අදාළ චක්‍රලේඛය නොවැම්බර් මස අවසානයේදී නිකුත් කරන බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි.

දැනට රාජ්‍ය ආයතනවල සේවය කරන දින 180 කට වඩා වැඩි සේවා කාලයක් සම්පූර්ණකර ඇති සේවකයින් එලෙස රජයේ සේවයට එක් කෙරේ.

2015 අයවැය යෝජනාවකට අනුව මෙය සිදු කෙරේ.

ඒ අනුව අයවැය ලේඛනය සම්මත වූ වහාම අදාළ චක්‍රලේඛය මහා භාණ්ඩාගාරය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව නිකුත් කරන මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]