කොස්ලන්ද මීරියබැද්ද ගම්මානය ජනාධිපතිගේ නිරීක්ෂණයට

කොස්ලන්ද මීරියබැද්ද ගම්මානය ජනාධිපතිගේ නිරීක්ෂණයට

[2014-10-30 11:30]

කොස්ලන්ද මීරියබැද්ද ගම්මානය නාය යෑමෙන් අතුරුදහන්වූවන් සෙවීමේ කටයුතු තවමත් සිදුකෙරෙම්න් පවතී.

මේ මොහොත වන විට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිද්ධියවූ ස්ථානය නිරීක්ෂණය කර ඇති අතර අවතැන්වූවන්ද මුණගැසුණ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහනසේවා නිලධාරී වසන්ත උදයකුමාර මහතා දිනමිණ සිටි එෆ් එම් වෙත වාර්තා කළේය.

අවතැන්වූවන් කොස්ලන්ද සහ පූනගල ප්‍රදේශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල රඳවා ඇත.

ඔවුනට අවශ්‍ය සියළු පහසුකම් සපුරාලීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාල බලධාරීන්ට උපදෙස් දී ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා