මුද්‍රණය සඳහා

 
දිස්ත්‍රික් 06 ක් නායයෑමේ අවදානමක

දිස්ත්‍රික් 06 ක් නායයෑමේ අවදානමක

[2014-10-30 14:30]

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 06 ට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, නුවරඑළිය, රන්තපුර, මාතලේ හා කළුතර යන ද්ස්ත්‍රික්ක සඳහා මෙය බලපැවැත්වෙන බවයි.

පවතින වැසි සහිත කාලගුණ තත්තවය හේතුවෙන් පසුකඳු කඩා වැටීම්, ඉවුරු කඩාවැටීම් සහ ගල් පෙරළීම් වැනි දෑ සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අදාළ දිස්ත්‍රික්වල ජනතාව වැඩි අවධානයක් යොමුකඏ යුතු බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

මේ අතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල මාර්ග කිහිපයක්ද නායයෑමේ අවදානම් සහිත මාර්ග ලෙස එම සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]