කුරුණෑගල සතිපොළ 20ක් සංවර්ධනයට

කුරුණෑගල සතිපොළ 20ක් සංවර්ධනයට

දිරිය බිම සතිපොළ සංවර්ධන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පොළවල් 20ක් සංවර්ධනය කරන බව වයඹ ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමඟ සිදු කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව ප්‍රධාන ඇමැතිවරයා පැවසීය. සුපිරි වෙළෙඳපොළ පසුපස හඹා නොයන ග්‍රාමීය ජනතාවගේ හා ග්‍රාමීය ව්‍යවසායකයාගේ පහසුවට මෙම සති පොළවල් මෙසේ සංවර්ධනය කෙරේ. මේ සහා වැයකරන මුදල රුපියල් 498000000කි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා