මුද්‍රණය සඳහා

 
රඹුක්කන ඩිපෝවට නව බස් රථ 5ක් ලබාදෙයි

රඹුක්කන ඩිපෝවට නව බස් රථ 5ක් ලබාදෙයි

රඹුක්කන සිට අනුරාධපුරය දක්වාත්,රඹුක්කන සිට යට්යන්තොට,කිතුල්ගල,නාවලපිටිය හරහා මහනුවර දක්වා දුරගමන් සේවා ආරම්භ කරමීන් නව බස් රථ පහක් රඹුක්කන ඩිපෝව වෙත ලබාදීම සබරගමු පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකැරිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට නවතම බස්රථ 2000ක් ලැබිමෙන් පසු එම බස්රථ දිවයින පුරා උප නගර සහ දුෂ්කර ගම්මාන වල ගමනාගමන පහසුකම් ඇතිකිරිම සඳහා ලබාදෙමින් රඹුක්කන ඩිපෝව වෙත බස් රථ 05 ක් ලබාදීම මේ යටතේ සිදුවිය.

මෙම වැඩ පිළිවෙළ යටතේ රඹුක්කන සිට අනුරාධපුරය දක්වාත්,රඹුක්කන සිට යට්යන්තොට,කිතුල්ගල,නාවලපිටිය හරහා මහනුවර දක්වාත් කෙටි ගමන් සදහා රමුක්කන සිට නාරන්බැද්ද දක්වාත්,රඹුකකන සිට වල්ගම ,මහනුවර දක්වාත්මෙම බස්රථ යොදවමින් ජනතා සේවයට මුදා හැරිම සිදුවිය.

මෙම බස් රථ ලබාදෙමින් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතා සදහන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනසකින් තොරව නගරයට පමණක් සිමා වු මාර්ග ඇතළු සෙසු යටිතල පහසුකම් ගමටත් ලබාදී එ යටතේ සංවර්ධනය වු මාර්ග ජාලය ඔස්සේ පොදු බස් සේවා තවදුරටත් ව්‍යාප්ත කිරිමට ක්‍රියාකර ඇති බවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]